හිටපු ජනපති මහින්දගේ ප‍්‍රකාශයෙන් සම්බන්ධන් තැති ගනියි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

හිටපු ජනපති මහින්දගේ ප‍්‍රකාශයෙන් සම්බන්ධන් තැති ගනියි..

පැවැති පළාත් පාලන මැතිවරණයට පෙර සිදුකළ ඡන්ද ව්‍යාපාරවලදී හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාව අමතා මෙම ඡන්දයේ තීන්දුව අනුව ඊළම නැවත නැගිටිනු ඇතැයි කළ ප්‍රකාශයෙන් තමන් තැතිගත් බව විපක්‍ෂ නායක ආර්. සමබන්ධන් මහතා ප්‍රකාශ කළේය.

විපක්‍ෂනායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (19දා) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීය. සම්බන්ධන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, තම පක්‍ෂය, නොබෙදුණු තනි රටක් යන රාමුව තුළ සිට මෙම තත්ත්වයට විසඳුමක් බලාපොරොත්තු වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා,

“පසුගිය ඡන්දෙදි ජනතාව තීරණයක් දීලා තියනවා. ඔබගේ තීරණයට අපි ගරු කරනවා. පොදුජන පෙරමුණට විරුද්ධ පක්ෂ වල ප්‍රතිශතය ගත්තාම 53% ඉක්මවනවා. ඔවුන්ට ජනතාව බලය දුන්නා කියන එක බොරුවක්. 2010 ඉදලා ගත්තාම මහින්ද රාජපක්ෂ තියන ප්‍රසාදය ටිකෙන් ටික අඩුවෙලා තියනවා. මේ පළාත් පාලන ඡන්දෙදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වේදිකාවල කිව්වේ මේ ප්‍රතිඵල මත තමිල් ඊලම බිහි වෙනවා කියලා. එම ප්‍රචාරය දරුණු ලෙස අහිංසක ජනතාව අතරට ගෙන ගියා. එහෙත් මගේ පක්ෂය මැතිවරණ ප්‍රකාශයෙන් ජනතාවට කිව්වේ නොබෙදුනු රටක් තුළ සියළු ජනතාවට සාධාරණ වන ලෙස බලය බෙදා ගත යුතුයි කියලා. මහින්ද රාජපක්ෂ හා පොදු ජන පෙරමුණේ ජාතිවාදින් අහිංසක දකුණේ ජනතාව මුලා කළා. ද්වේෂ සහගත ලෙස දුෂ්ට ලෙස තමයි මේ ප්‍රචාරය ගෙන ගියේ.අවසාන වශයෙන් මම කියන්නේ නෙළුම් පොහොට්ටුව පිපෙන්න ඕනකියලා ඔබතුමාලා හිතුවට ඒක පටු දේශපාලනය තුළ කරන්න බැහැ කියන එක,” විපක්ෂ නායකවරයා මෙහිදි පවසා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad