රනිල් ඉවත් කරනවා.. අලූත් සන්ධාන ආණ්ඩුවේ සාකච්චා සාර්ථකයි..- සුසිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 21, 2018

රනිල් ඉවත් කරනවා.. අලූත් සන්ධාන ආණ්ඩුවේ සාකච්චා සාර්ථකයි..- සුසිල්

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයෙකු යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආන්ඩුවක් ගොඩනැගීමට තව දුරටත් උත්සාහ දරමින් සිටින බව ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළ බවද පවසන ඇමතිවරයා ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමත්, නව අගමැතිවරයෙකු පත් කිරීම ගැනත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බවත් එම තීරණය කඩිනමින් ලැබෙන තෙක් බලා සිටින බවත් ඔහු කියයි.

නව අගමැතිවරයෙකු සමග ආණ්ඩුව පිහිටුවීමට අදාළ සාකච්ඡා තව දුරටත් පවත්වන බවත් එම සාකච්ඡාවල සාර්ථකත්වයක් ඇති බවත් ඇමති සුසිල් වැඩි දුරටත් කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad