බ්‍රිගේඩියර්ව යළි සේවයේ පිහිටවා නෑ… ආණ්ඩුවෙන් නොකියන රහස් මෙන්න. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

බ්‍රිගේඩියර්ව යළි සේවයේ පිහිටවා නෑ… ආණ්ඩුවෙන් නොකියන රහස් මෙන්න.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාව ජනාධිපති නියෝග මත යළි සේවයේ පිහිටවූවා කීම සම්පූර්ණ අසත්‍ය පුවතක් බවත්, ඔහු බ්‍රිතාන්‍ය නීතිය යටතේ කිසිදු වරදක් කර නැති බවත් අනාවරණය වී තිබේ. ඒ ගැන සාක්ෂි හා සාධක සහිත වාර්තාවකුයි මේ.

*****
ලන්ඩන් නුවරදී කොටි හිතවාදීන්ගේ අරියාදුවට පිළිතුරු ලෙස ‘බෙල්ල කට්‘ සංඥාව නිකුත් කිරීම වරදක් බව කියමින් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනම් කළේය. පසුව ජනාධිපති නියෝග මත වැඩ තහනම ඉවත් කර යළි සේවයේ පිහිටවූ බව කීවත් ආණ්ඩුවේම අමාත්‍යවරයෙක් වන රුවන් විජයවර්ධන මහතාට අයත් ලංකාදීප පුවත්පත් වෙබ් අඩවියේ දැක්වෙන්නේ එවැනි නියෝගයක් ලැබී නොමැති බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇත්තේ බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් වීම නිසා ඇති වූ ජනතා විරෝධය යටපත් කිරීම වෙනුවෙන් ව්‍යාජ පුවතක් නිර්මාණය කර බෙදා හැරීම බව පැහැදිළි වෙයි.

*****

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් ‘බෙල්ල කට්’ සංඥාව නිකුත් කිරීම වරදක් බව සමහරුන් කීවද ඔවුන් අමතක කර ඇත්තේ කොටි සංවිධානය මේ වන විටත් බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක් බවයි.
පහත ලින්කුවෙන් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යය තුල තහනම් කරන ලද ත්‍රස්තවාදී සංවිධාන ගැන විස්තර අඩංගු වාර්තාවයි.

එය බ්‍රිතාන්‍යයේ රජයේ නිල වෙබ් අඩවිය වන www.gov.uk හි පළ වී ඇති බව ඔබට දිස් වේ. එසේම එම වාර්තාව අගට එහි පළ කළ දිනය 22 December 2017 ලෙස දැක්වේ. එනම් මෙය පැරණි ලිපියක් නොවේ.

එහි තහනම් සවිධාන ලයිස්තුවේ 15 වෙනි පි‍ටුවේ මෙසේ සටහන්ව ඇත.

“Liberation Tigers of Tamil Eelam (LTTE) – Proscribed March 2001 The LTTE is a terrorist group fighting for a separate Tamil state in the North and East of Sri Lanka.”

වත්මන් රජයේ එකඟතාවය පරිදි යුරෝපා සංගමයෙන් කොටි තහනම ඉවත් කළත්, යුරෝපා සංගමයේ කොටසක් නොවන බ්‍රිතාන්‍යයේ කොටි තහනම එසේම පවතියි. එසේනම් සිදුවී ඇත්තේ නීත්‍යානුකූල රජයක තානාපති කාර්යාලයක් සිය නිදහස සමරද්දී එයට බාධා වන පරිදි බ්‍රිතාන්‍යය තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් කටයුතු කිරීම ය. තහනම් ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව අතින් සංඥාවක් ලොව කිසිදු අධිකරණයකදී වරදක් නොවේ. වත්මන් ආණ්ඩුවට සහ එහි බ්‍රිතාන්‍යය වෙනුවෙන් පත් කළ තානාපතිවරයාට කොන්ද පන තිබේනම් සිදුකළ යුතුව තිබුණේ තම තානාපති කාර්යාලය ඉදිරිපිට ත්‍රස්තවාදීන් උද්ඝෝෂණය කරද්දී ඔවුන්ව අත් අඩංගුවට ගන්නා ලෙස බ්‍රිතාන්‍ය අධිකරණයේ නඩු ගොනු කිරීමයි.

*****
හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පවසා ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා 2010 ජනාධිපතිවරණයට අදාල සිද්ධියක් මත එවකට වැඩ තහනමට ලක් වූ බවත් ය. http://www.colombotoday.com/43426-2652/
නමුත් යුද හමුදා වෙබ් අඩවියට අනුව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට 2010.03.01 දින ගැමුණු හේවා බළ ඇණියේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස උසස් වීමක් ලැබී තිබේ. http://222.165.180.163/highlanders/si/si-centr-comdt වෙබ් අඩවියේ නිරවද්‍යතාවය තහවුරු කරගැනීමට අවශ්‍යනම් යුද හමුදා නිල වෙබ් අඩවියේ http://www.army.lk/highlanders/ වෙබ් ලිපිනය වෙත පැමිණ එහි “History” මෙනුවෙන් “Former Centre Commandants” ‍තෝරන්න.
එසේම Civil Military Coordination වෙබ් අඩවියේ දැක්වෙන පරිදි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට 2013 වෙද්දී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශ පරිදි ප්‍රියංක ෆනෑන්ඩු මහතාව 511 බ්‍රිගේඩයේ කමාන්ඩර් ලෙස උසස්වීම් ලබා ඇත.  “Commander 511 Brigade Colonel Priyanka Fernando” http://www.cimicjaffna.com/Cimicnews_2013_08_03.php
ඒ අනුව ප‍ටු දේශපාලන වාසි ගැනීමේ අරමුණින් හරීන් ප්‍රනාන්දු පැවසූ කතාව බොරුවක් බවත්, ඔහු හිටපු ජනාධිපතිවරයාට මඩ ගැසීමට එවැන්නක් පැවසුවද එමගින් වීරෝදාර රණවිරුවෙකුට අපහාස කර ඇති බවත් පැහැදිළි වෙයි.
*****
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙදෙනෙක් විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශයට උක්ත සිදුවීම ගැන පැමිණිළි කර ඇත.


එම පැමිණිල්ල පදනම් කරගනිමින් මේ වන විට බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට එරෙහිව නාරාහේන්පිට යුද හමුදා පොලිස් බල ඇණි කඳවුරේ යුද අධිකරණකට පැමිණවීමට නියමිතව සිටී. කෙසේ නමුදු මැතිවරණය අවසන් වෙන තෙක් යුද අධිකරණ ක්‍රියාමාර්ගයක් නොගනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad