ඔබේ ගමටත් රැකියා 43ක් ලැබුනාද..? දෙනවා කියූ රස්සා දශ ලක්‍ෂයෙන් ලැබුණු ගණන මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 1, 2018

ඔබේ ගමටත් රැකියා 43ක් ලැබුනාද..? දෙනවා කියූ රස්සා දශ ලක්‍ෂයෙන් ලැබුණු ගණන මෙන්න..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් මෙසේ අදහස් පල කලේය.

අගමැතිතුමන් පසුගිය මැතිවරණ කාලේ දුන් පොරොන්දුවක් තමයි අලුත් රටක් හැදීම. එහි එක ප්‍රධාන සටන්පාඨයක් තමයි රැකියා දසලක්ෂයක් බිහිකිරීම.  දැන් ආණ්ඩුවේ වසර 3ක් අවසන් නිසා රැකියා දස ලක්ෂයෙන් රැකියා ලක්ෂ 6ක් මේ වන විටත් ලබාදී තියෙන්න ඕනෑ.  ලංකාවේ ග්‍රාමනිලධාරී කොට්ඨාශ තියෙනවා 14, 022 ක්. ඒ අනුව මේ වන විට දළ වශයෙන් සෑම ග්‍රාමනිලධාරී කොට්ඨාශයකම මේ ආණ්ඩුවෙන්  රැකියා ලැබුණු 43 දෙනෙක්වත් සිටිය යුතුයි. මම අහනවා ඔබේ ගමේ 43 ක් තියා හතරයි, තුනයි, හතක්වත් රැකියා ලැබුණු අය ඉන්නවද?

ආණ්ඩුව එම පොරොන්දුව ඉටුකරලානම් කළ ගුණ සලකන්න අනේ ආණ්ඩුවට ඡන්දය දෙන්න. නමත් ආණ්ඩුව ඒ අයුරින් රැකියා ලක්ෂ 6ක් ලබාදී නෑ. ඒ වෙනුවට රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපත් අහිමිකරලා තියෙනවා.  ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා ප්‍රශ්නය විසදීම කෙසේ වෙතත් එක්ටා ගිවිසුම හරහා ඉන්දියානුවන්ගේ රැකියා ප්‍රශ්නය විසදීමටනම් අගමැතිතුමන් බොහොම උනන්දුයි.

ඔබට රැකියා නොලැබුනේ වැඩ බැරි හොරු පිරි පරගැති ආණ්ඩුව නිසයි. අපේ තරුණ තරුණියන් දේශපාලන බේදයකින් තොරව එදා මෙන්  රැකියා ලබාගැනීමටනම් පොහොට්ටුවට ඡන්දය දෙන්න. ඔබට මතක ඇති ප්‍රසන්න රණතුංග මැතිතුමන් බස්නාහිර පළාත් මහඇමතිධූරය දරද්දී මමත් එම අමාත්‍ය මණ්ඩලයේ හිටියා.  අපි තරගාකාරී විභාගයකිනුයි ගුරුවරුන් බඳවා ගත්තේ. පළවෙනියට ආවේ අනුර කුමාර දිසානයක මන්ත්‍රීතුමන්ගේ පුතාද කියන එක එදා අපිට අදාල උනේ නෑ. වැඩිම ලකුණු ගත්තේ කවුද එයාට ගුරු පත්වීම ලැබුණා. 

ඒ වගේම අපි කළමණාකාර සහකාර වරුන් ගත්තා. ඒ ගත්තෙත් තරග විභාගයකින්. කවුද පළවෙනියා වෙන්නේ කවුද දෙවෙනියා වෙන්නේ  කියන එක අපිට අදාල වුනේ නෑ. පෝස්ටර් ගහපල්ලා කැම්පේන් කරපල්ලා කියලා කිව්වෙත් නෑ. ඒසේ දේශපාලන බේදයකින් තොරව රැකියා ලබාදුන් ඒ යුගය යළි උදා කරගැනීම පෙබරවාරි 10 වෙනිදා මේ රටේ  ජාතිය සතු වගකීමක්.

– අරවින්ද අතුකෝරල

No comments:

Post a Comment

Post Bottom Ad