හවායි කැළඹූ කොරියන් මිසයිල SMS එක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 15, 2018

හවායි කැළඹූ කොරියන් මිසයිල SMS එක


 මිසයිලයක් පැමිණෙන බවත් පණ ෙබ්රා ගන්නා ලෙසත් අනතුරු අඟවමින්, ඇමෙරිකාවට අයත් හවායි දූපත් වැසියන්ට පසුගිය 13 වනදා උදේ ලැබුණ එස්එම්එස් පණිවිඩයක් නිසා  මහ කලබලයක් හටගත්තේය. 'බැලැස්ටික් මිසයිලයක් හවායි බලා එනවා. වහාම සැඟවී ආරක්ෂා වෙන්න. මේක බොරුවක් නොවෙයි." යනුවෙන් හවායි වැසියන්ගේ ජංගම දුරකතනවලට ලැබුණු එම එස්.එම්.එස්. පණිවුඩය නිසා ජනතාව තැතිගෙන සැඟවුණ ස්ථාන සොයමින් ගමන් කර තිබුණි.

 රූපවාහිනී සහ ගුවන් විදුලි සේවා ද එය ප්‍රසිද්ධියට පත් කර තිබුණ අතර පණිවුඩයේ සත්‍ය අසත්‍ය බව සෙවීමට කිසිවකු පියවර ගෙන නැත. ඊට හේතුව, හවායි දූපතේ ‘හදිසි ආපදා ඒකකය” එම පණිවුඩය නිකුත් කර තිබීම නිසාය.  ආපදා ඒකකයේ නිලධාරියකුට සිදුවුණු අත්වැරැදිමකින් කෙටි පණිවුඩය සියලුම ජංගම් දුරතකනවලට යැවුණු බව වාර්තා විය. උතුරු කොරියාව හා ඇමරිකාව අතර පවතින විරසකය නිසා මෙවැනි මිසයිල ප්‍රහාරයක් ගැන අවිශ්වාස කරන්නටත් හවායි වැසියන්ට නොහැකි විය.

හවායි ආණ්ඩුකාරවරයා රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් හවායි වැසියන් අමතමින් අත්වැරැද්ද ගැන සමාව ඉල්ලූ අතර සිදුවුණේ කුමක්දැයි සොයා බලන බවත්, අතපසුවීමෙන් පණිවුඩය යැවූ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා අදාල පියවර ගන්නා බවත් දන්වා සිටියේය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිද්ධිය අවස්තාවේ සිටියේ ෆ්ලොරිඩාවේය. සිදුවුණේ කුමක්දැයි සම්පූර්ණ වාර්තාවක් තමන්ට ලැබෙන්න සළස්වන්නදැයි ජනපතිවරයා පසුව දන්වා ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad