එංගලන්තය අලුබදුනේ පළමු වාඩුව ගනියි..ජේසන් රෝයිගෙන් වාර්තාගත ඉනිමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 14, 2018

එංගලන්තය අලුබදුනේ පළමු වාඩුව ගනියි..ජේසන් රෝයිගෙන් වාර්තාගත ඉනිමක්

අලුබදුන ටෙස්ට් තරගාවලියේ 4-0ක් ලෙස පරාජයට පත්වූවද ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ මෙල්බන්හිීදී පැවැත්වු පළමු තරගයෙන් කඩුලු 05ක විශිෂ්ට ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම අද සමත් විය.ඒ අනුව තරග 05කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්විය

ජයග‍්‍රහණය සදහා ලකුනු 305ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48.5කදී කඩුලු 05ක් පමණක් දැවී තිබයදී සිය ජයග‍්‍රහණය තහවුරු කර ගත්තේය.එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ආරම්භක පිතිකරු ජේසන් රෝයි ඔස්ටෙ‍්‍ර්ලියානු පන්දුයවන්නන් අනුකම්පා විරහිත ප‍්‍රහාරයක් දියත් කරමින් ලකුනු 180ක් ලබාගැනීමට සමත්විය.

එංගලන්ත පිතිකරුවකු එක්දින ජාත්‍යන්තර තරගයකදී ලබාගත් හොදම ඉනිම ලෙස වාර්තා පොතට එක්වු රෝයිගේ ඉනිම හයේ පහර 05කින් හා හතරේ පහර 16කින් අලංකාර විය.පන්දු 151කදී වාර්තා වු එම ඉනිම මෙල්බර්න් ක‍්‍රීඩා පිටියේ රැස් කළ ඉහළම ලකුණු ප‍්‍රමාණය ලෙසටද වාර්තා පොතට එක්විය.

ජොනී බෙයාස්ටව්(14) හා ඇලෙක්ස් හෙල්ස්(04) දැවී ගිය පසු රූට් සමග එක්වෙමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 221ක සම්බන්ධතාවක් ගොඩනැගූ රෝයි මිචෙල් ස්ටාක්ගේ පන්දුවකට රිචඩ්සන් අතට උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියහ. අනගි ඉනිමක් ක‍්‍රිඩ කළ ටෙස්ට් නායක ජෝයි රූට් නොදැවී ලකූණු 91ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කර රැගෙන ගියේය.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාල් ලකුනු 71කට කඩුලු 02ක්ද පැට් කමින්ස් ලකුණු 63කට කඩුලු 02ක්ද දවා ගැනීමට සමත් විය. එංගලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 08ක් දැවි ලකුණු 304ක් රැස් කරගත් අතර එහිදී ආරම්භක පිතිකරු ඇරොන් ෆින්ච් සිය නමවැනි එක්දින ශතකය රැස් කරගනිමින් ලකුණු 107ක් ලබා ගත්හ.

පන්දු යැවිමේදී ලැම් ප්ලන්කට් ලකුණු 71කට කඩුලු 03ක්ද අලීඩ් රශීඩ් ලකුණු 73කට කඩුලු 02ක් බිද හෙළූහ. තරගයේ වීරයා සම්මානය ජේසන් රෝයි හට හිමිවිය.

ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම – ඔ්වර 50 කදි කඩුලු 08ක් දැවී ලකුණු 304
(ඇරොන් ෆින්ච් 107, මාර්කස් ස්ටොනිස් 60, මිචෙල් මාෂ් 50, ලැම් ප්ලන්කට් 3/71, අලීඩ් රශීඩ් 3/73, මොයින් අලී 1/39)

එංගලන්ත කණ්ඩායම – ඔ්වර 48.5 දී කඩුලු 05ක් දැවී ලකුණු 308
(ජේසන් රෝයි 180, ජොයි රූට් නොදැවී 91, ජොනී බෙයාස්ටව් 14, පැට් කමින්ස් 2/63, මිචෙල් ස්ටාර්ක් 2/71)

No comments:

Post a Comment

Post Bottom Ad