පෙම්වතා සහ මිතුරන් දෙදෙනා නිසා සමූහ දූෂණයට ලක් වූ වීරවිල පාසල් දැරිය මිය යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, January 14, 2018

පෙම්වතා සහ මිතුරන් දෙදෙනා නිසා සමූහ දූෂණයට ලක් වූ වීරවිල පාසල් දැරිය මිය යයි

පෙම්වතා සහ මිතුරන් දෙදෙනා නිසා
සමූහ දූෂණයට ලක් වූ
වීරවිල පාසල් දැරිය මිය යයි


පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කළ සමූහ දූෂණ සිද්ධියකින් පසු ගෙළවැළලාගෙන මියයන්නට උත්සාහ කරද්දී බේරාගත් වීරවිල ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් දැරිය රෝහල්ගතව සිටියදී අද (14) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇගේ පෙම්වතා බව කියන තරුණයෙකු මිතුරන් දෙදෙනෙකු සමග ඇගේ නිවස ආසන්න ස්ථානයක මත්පැන් පානය කරමින් සිටියදී ඇයට හමුවන්නට එන්න කියා ඇත්තේ 9 වනදා රාත්‍රියේය.  ඇය ඔහු මුණගැසීමට ගිය අවස්ථාවේ ඔහු ඇයව මිතුරන් දෙදෙනාට හඳුන්වාදී පසුව තිදෙනාම එක්වී
ඇයව දූෂණය කර තිබේ. අනතුරුව අපහසුවෙන් නිවසට ගිය ඇය කාටවත් ඒ ගැන කියා නැත. 

සියදිවිනසාගන්නට තීරණය කර තිබෙන ඇය රහසින්ම සිද්ධිය සම්බන්ධයෙන් විස්තර කර ලිපියක් ලියා තබා පසුදා නිවස අසළ පිහිටි කොහොඹ ගසක එල්ලී ගෙලවැලලාගන්නට උත්සාහ කර තිබූ නමුත් සොයුරෙකු එය දැක වළක්වා ඇත. නමුත් ඇය සිද්ධියෙන් අසාධ්‍යව තිබෙන අතර  හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර අපහසුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී අද (14) මිය ගොස් ඇත.

ඇයගේ පෙම්වතා මුණ ගැසීමට ගිය බව ත් එහිදී පෙම්වතාගේ මිතුරන් දෙදෙනෙකු පැමිණ තමාට හිරිහැර කළ බවත් සඳහන් කළ ලිපිය පොලීසියට ලැබුණ බව තහවුරු කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ පෙම්වතා බව කියන තරුණයෙකු සහ තවත් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සිද්ධිය සැලවූ පසු අදාළ තරුණයින් යාල රක්ෂිතයේ සැඟව සිටි අතර ගම්වැසියන් ඔවුන් සොයාගෙන පහරදීම නිසා තුවාල ලැබූ බවත් වාර්තා විය.

මේ නිසා විශේෂ පොලිස් ආරක්ෂාවක් මැද ඔවුන් රෝහල් ගත කර ප්‍රතිකාර කරන්නට සිදු විය. තරුණයින් තිදෙනා අවුරුදු 18, 20 හා 23 වයසේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි කරුවන්ය. මොවුන්ට දඩුවම් පැනවීමට අත්අඩංගුවට ගැනීමට පොලිසිය මුලදී මැළිකමක් දැක්වූ බව ගම්වැසියන් පැවසූ අතර කිරින්ද හා තිස්ස පොලිසි සාධාරණය ඉටු නොකරන නිසා වීරවිල පොලිසියට ඔවුන් භාරදුන් බවද දන්වා තිබුණි.

මියගිය දැරිය ලියූ ලිපියේ මෙසේ සඳහන් විය. ‘මම හිටියේ ඉස්කෝලෙ හොඳින් ඉගෙන ගෙන ශිෂ්‍ය නායිකාවක් වෙන්න මට ඒ හීනෙ නැතිවුණා. මම මගේ පවුලෙ ඔක්කොටමයි පවුලෙ නෑයින්ටයි ආදරෙයි. මට ගොඩක් දුකයි. මට පවුලෙ අයට ලැජ්ජා කරලා ජීවත්වෙන්න බෑ.‘  මිය ගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේ පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.


No comments:

Post a Comment

Post Bottom Ad