හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට සිතාසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට සිතාසි


අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර ඇති හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකුට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මාර්තු මස 08 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.  වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්. එම්. බී. නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්. එම්. පී. ෆර්ඩිනැන්ඩු යන අයටද මෙම සිතාසි යොමු කර තිබේ.

 ලංකා විදුලිබල පුද්ගලික සමාගමට ඉඩම් මිලදී ගැනීමකදී අක්‍රමිකතා සිදුව ඇති බවට පරීක්ෂණ කමිටු දෙකක් මගින් නිර්දේශ කර තිබියදීත් ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම තුළින් එවකට නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ මොහාන් පීරිස් සහ එවකට සොලිසිටර් ජනරාල් වශයෙන් කටයුතු කළ නවාස් යන අය අල්ලස් පනත යටතේ වරදක් කර ඇති බව එම චෝදනා පත්‍රයෙන් දැක්වේ.

අල්ලස් කොමිසම මගින් කළ පැමිණිල්ලක් මත යොමුවූ එම චෝදනා පත්‍රයෙන් සාක්ෂිකරුවන් 20 දෙනෙක් හා නඩුභාණ්ඩ 19ක් ද නම් කොට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad