ජනාධිපති නැගිට ගියේ "අරකට" ! ඇමති 'ඩබල' අමුතු කතාවක් කියයි !! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

ජනාධිපති නැගිට ගියේ "අරකට" ! ඇමති 'ඩබල' අමුතු කතාවක් කියයි !!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා (ජනවාරි 16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඇතැම් ප්‍රකාශවලට විරෝධය පළකරමින් නැගිට ගිය බවට පළවන වාර්තා අසත්‍ය බව රජය පවසයි.

රජය වෙනුවෙන් අද (ජනවාරි 17) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශකවරුන් වන රාජිත සේනාරත්න හා දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් පැවසුවේ ජනාධිපතිවරයා "වේදනාත්මක" ප්‍රකාශයක් කර "ස්වභාවික අවශ්‍යතාවයකට" කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගිය බවය.

පසුව නැවත පැමිණ ඔහු කැබිනට් මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන ගිය බව ඔවුන් කියා සිටියේය.

අඟහරුවාදා කැබිනට් මණ්ඩල හමුව ආරම්භයේදීම ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමා විවේචන කිරීම ගැනත් තමාට නොදන්වා ආණ්ඩුවේ ඇතැම් තීරණ ගැනීම ගැනත් දැඩි අප්‍රසාදය පළ කරමින් විශේෂ ප්‍රකාශයක් කර ඉන් අනතුරුව කැබිනට් මණ්ඩල රැස්වීමෙන් නැගිට ගිය බව සියලුම මාධ්‍ය අද වාර්තා කර තිබිණ.

එහෙත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමන් විවේචනය කිරීම ගැන විශේෂ ප්‍රකාශයක් කළ බව පිළිගත් අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ එයට විරෝධය පළකරමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉවත්ව නොගිය බවය.


No comments:

Post a Comment

Post Bottom Ad