" උතුරේ ඡන්දෙට ආ අපේක්ෂකයන් කොටි ගීත වාදනය කරනවා, මැතිවරණය දිනන්න රටේ නීති කඩලා" මැතිවරණ නිරීක්ෂන සංවිධාන පහදයි .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

" උතුරේ ඡන්දෙට ආ අපේක්ෂකයන් කොටි ගීත වාදනය කරනවා, මැතිවරණය දිනන්න රටේ නීති කඩලා" මැතිවරණ නිරීක්ෂන සංවිධාන පහදයි .!

මෙවර පළාත් පාලන මැතිවරණයට උතුරු පළාතෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා බෙදුම්වාදී ගීත හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් ගීත භාවිත කරන අයුරු පසුගිය දිනවල මාධ්‍යයෙන් හෙළිදරවු කළා. එල්.ටී.ටී.ඊ. සංවිධානය රටේ තහනම් කළ ත්‍රස්තවාදී සංවිධානයක් නිසා එම සංවිධානයට සම්බන්ධ දේ ප්‍රචාරණය කිරීම නිතීයෙන් දඬුවම් ලබා දිය හැකි වරදක් ලෙස සැළකේ.

පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී උතුරු පළාත වෙනුවෙන් විවිධ පක්ෂවලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දැනුවත් කිරීම සඳහා ඉකුත් සෙනසුරාදා (13දා) යාපනයේදී විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වූ අතර එහිදි උතුරේ අපේක්ෂකයන් ඇමතු නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරයේ (කැෆේ) විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්ද මේ පිළිබදව අදහස් දක්වා තිබුණා.

එහිදි කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කර තිබුණේ උතුරේ ඇතැම් ඡන්ද අපේක්ෂකයන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා බෙදුම්වාදී ගීත හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් ගීත භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බෙදුම්වාදී ගීත හෝ එල්.ටී.ටී.ඊ.ය භාවිත කළ ගීත හෝ ප්‍රකාශ යොදා ගැනීම මැතිවරණ නීති පමණක් නොව රටේ නීතිය උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙන කැෆේ විධායක අධ්‍යක්ෂවරයා ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දය පාවිච්චි කිරීමේ නිදහස ලැබී ඇති මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ජනතාව අපේක්ෂා කරන නියෝජිතයන් තෝරා ගැනීමට පසුබිම සකසන ලෙසද සියලුම අපේක්ෂක අපේක්ෂිකාවන්ගෙන් ඉල්ලීමක්ද කිරීම විශේෂය.

No comments:

Post a Comment

Post Bottom Ad