තනිවම ඡන්දෙ දාන්න බැරි අයට අළුත් නීතියක්..!! ඡන්දෙට කලින් මේ දේවල් දැනගන්න. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

තනිවම ඡන්දෙ දාන්න බැරි අයට අළුත් නීතියක්..!! ඡන්දෙට කලින් මේ දේවල් දැනගන්න.

මෙවර පළාත් පාලන මැතිවරණයට තියෙන්නෙ තවත් මාසයකටත් වඩා අඩු කාලයක්. ඡන්ද අපේක්ෂකයන් මේ දිනවල තමන්ගෙ ප්‍රචාරණ කටයුතු ඉතා ඉහලින් සිදුකරගෙන යන අවස්ථාවක ඡන්ද දායකයන් විදියට ඔබත් දැනගෙන සිටිය යුතු කාරණාවක් ගැන තමයි මේ කියන්න යන්නෙ.

ඔබේ පවුලේ අයෙකුට හෝ ඔබේ ඥාතියෙකු,හිතවතෙකුට හො තනිවම ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව නොමැති අය සිටිනවනම් මෙය ඔබට ඉතාම වැදගත් වෙනවා.

ඒ  අනුව 2011 අංක 28 දරන මැතිවරණ ( විශේෂ විධිවිධාන) පනත මඟින් සංශෝධිත ප්‍ර‍ධාන ප්‍ර‍ඥ්ප්තියේ 54(2) වගන්තිය අනුව ඉදිරි ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරිරික අශක්නුතාවයකට පත් ඡන්ද හිමියකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි වන පරිදි නීතිමය ප්‍ර‍තිපාදන සලසා තිබෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරනවා.

කෙසේ නමුත් එලෙස රැගෙන යන සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ වූවෙකු විය යුතු අතර ඡන්ද විමසීම සඳහා තරඟ කරනු ලබන අපේක්ෂකයකු නොවිය යුතු වෙනවා. එමෙන්ම එම ඡන්ද විමසීමේදී දේශපාලන පක්ෂයක බලයලත් නියෝජිතයෙකු හෝ ඡන්ද පොළ නියෝජිතයකු වශයෙන් කටයුතු නොකරන්නකුද විය යුතු වෙනවා. ඊට අමතරව කිසියම් අශක්නුතායකට පත් නොවූ අයෙකු ද විය වෙනවා.

මෙලෙස  සහායකයකු කැටුව යාම සඳහා අදාළ පනතේ දසවන උපලේඛනය මඟින් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්ද පොළෙහි නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු අතර එම යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.එසේම එම ඉල්ලුම් පත්‍රයෙහි ආකෘතියක් www.election.gov.lk වෙබ් අඩවිය හරහාද ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

අශක්නුතාවට පත් ඡන්දදායකයා විසින් තමාගේ නිල ඡන්ද දැන්වීම්පත, ජාතික හැඳුනුම්පත හෝ ඡන්ද පොළේදී පිළිගනු ලබන වෙනත් යම් හැඳුනුම්පතක් සහ මෙම යෝග්‍යතා සහතිකය රැගෙන සහායකයා ද සමඟ ඡන්ද පොළ වෙත යා යුතු අතර ඡන්ද පොළ කාර්ය මණ්ඩලය විසින් ඡන්දදායකයාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඡන්ද පොළේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කර ඡන්ද පත්‍රිකාවක් නිකුත් කරනු ලබනවා.

මෙම යෝග්‍යතා සහතිකයක් නොමැතිව ඡන්ද පොළ වෙත සහායකයකු රැගෙන යා නොහැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරන අතර ඡන්දය ප්‍ර‍කාශ කිරීමෙන් අනතුරුව අදාළ යෝග්‍යතා සහතිකය ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති විසින් රඳවාගනු ලබනවා. මෙලෙස සහායකයකු රැගෙන ඒමට නොහැකි එවැනි ඡන්ද හිමියන් හට මීට පෙර ඡන්ද විමසීම්වලදී සිදු කළ ආකාරයටම තවත් නිලධාරීයෙක් ඉදිරියේදී ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා ලබා ස්වකීය ඡන්ද පත්‍රිකාව ලකුණු කරවා ගැනීමට හැකියාව තිබෙන බවද මැතිවරණ කොමිසන් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.

No comments:

Post a Comment

Post Bottom Ad