අගලවත්ත පොහොට්ටු පක්ෂයේ ප්‍රතික්ෂේපිත නාම යෝජනා පතුය නැවත සලකා බැලීම සිකුරාදා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

අගලවත්ත පොහොට්ටු පක්ෂයේ ප්‍රතික්ෂේපිත නාම යෝජනා පතුය නැවත සලකා බැලීම සිකුරාදා

අගලවත්ත ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත් කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි ( පොහොට්ටුව ) නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නැවත සලකා බලන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කල ඉල්ලීම සලකා බැලීමෙන් පසු එය නැවත සිකුරාදා ( 19 වැනිදා ) කැඳ වීමට අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පත්ම සූරසේන මහතා අතුළු විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

ඊයේ  ( 15 වැනිදා ) මෙම පෙත්සම විභාගයට ගැනීමෙන් පසු ඒ පිළිබඳව සාකච්ඡා කිරීම හා කරුණු දැක්වීම මෙසේ අවස්ථාව ලබා දී තිබේ. මෙම පෙත්සම ජනාධිපති නීතිඥ අල්විස් අබ්‍රි මහතා විසින් ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සම විභාගයට ගෙන ප්‍රතික්ෂේපිත නාමයෝජනා පත්‍රය නැවත පිළිගන්නා ලෙසත් එතෙක් මම අගලවත්ත පළාත් පාලන මැතිවරණය සඳහා අතුරු තහනමක් පනවන ලෙසත් ඉල්ලා ඇති බව අගලවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චාමින්ද රණවක මහතා පැවසීය.

අගලවත්ත පී එම් පත්මසූරිය.

No comments:

Post a Comment

Post Bottom Ad