වැලිපැන්න කටුවාලගොඩ විදුහලේ සිසු සිසුවියන් 22 ක් ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කරති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 16, 2018

වැලිපැන්න කටුවාලගොඩ විදුහලේ සිසු සිසුවියන් 22 ක් ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කරති

මතුගම කලාප අධ්‍යාපන කොට්ඨාශයට අයත් වැලිපැන්න කටුවාලගොඩ කනිෂ්ඨ විදුහලේ සිසුන් 22 දෙදෙනෙකු ශරීරයේ හටගත් ආසාදන තත්වයක් නිසා කැසීමට පටන් ගැනීම හේතුවෙන් 15 වැනිදා වෑත්තැව රෝහලට ඇතුලත් කර ඇත. වැලිපැන්න කටුවාලගොඩ කනිෂ්ඨ විදුහලේ 6 සහ 7 ශ්‍රේණි වල ඉගෙනුම ලබන ගැහැණු ළමුන් 12 දෙනෙකු සහ පිරිමි ළමුන් 10 දෙනෙකු ඇඟ කසා පලු දැමීම හේතුවෙන් මෙසේ රෝහල් ගත කර තිබේ.

මේ පිළිබඳව එම විදුහලේ විදුහල්පති එම්.එම්.මිත්‍රපාල මහතා මෙසේ පැවසීය.

මේ දිනවල අප විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ පුහුණුවීම් කටයුතු කරගෙන යමින් සිටිනවා.එම උත්සවයේ ආචාර පෙළපාලිය සඳහා සිසුන් පුහුණු කිරීම යුධහමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් සිදුකරනු ලබනවා. ඊයේ උදැසන සිට එම ආචාරපෙලපාලියේ පුහුණු වීම සිදුකරමින් සිටින අතර තුර ළමුන් කිහිප දෙනෙක් තමන්ගේ ඇඟ කසන බව පැවසුවා.ටික වෙලාවකින් තවත් සිසුන් පිරිසක් ඇඟ කසන බව පැවසුවා.ඔවුන්ගේ ශරීරයේ කසන ස්ථාන වල පලු දමා තිබුනා.

පසුව අප ගිලන් රථ ගෙන්වා සිසුන්ව වෑත්තෑව රෝහලට පිටත් කළා.සිසුන් ආචාර පෙළපාලියට පුහුණු වූ අවට කිසිම අපිරිසිදු තත්වයක් නැහැ.ඒ අවට ගස් කොළන් ඇත්තෙත් නැහැ. මා මේ පිළිබඳව මතුගම කලාප කාර්යාලයටත් මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටත් දැනුම්වත් කළා. මෙම සිසුන්ගේ රෝගී තත්වය බරපතල නොවන බවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින් ලබාදුන් බවත් වෑත්තෑව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

මහිලාල් පද්මසූරිය - අගලවත්ත

No comments:

Post a Comment

Post Bottom Ad