ශ්‍රී ලාංකිකයන්ගේ පමණක් නොව ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ සදාකාලික මතකයෙන් ඉවත් නොවන ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු සුපිිරි ක්‍රිකට් පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු වුණු මහේල ජයවර්ධනගේ විවාහ ජීවිතය දෙදරා ගොස් ඇති බව ආරංචි අන්තර්ජාලය ඔස්සේ පැතිරෙමින් තිබේ.
කලක් රට වෙනුවෙන් විශාල සේවයක් කළ මහේල කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර පසුව උපනායකත්වයට පත්වූ එකම ක්‍රීඩකයාත් ඔහුයි. බිරිඳ වන ක්‍රිස්ටිනාගේ නම සහ මහේලගේ නම එකතු කොට @chrismahelaj ලෙස Instagram හි සිටි අතර දැන් එය @mahela27 ලෙස වෙනස් කර තිබේ. විවාහය දෙදරා ගිය පසු එය වෙනස් කර ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.
කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයාගේ විවාහයේ බිඳ වැටීම පිළිබදව සමාජයේ විවිධ තොරතුරු හුවමාරු වීමට ආරම්භ වී තිබෙනවා. මේ අතර මෙම දික්කසාදයට හේතුව හිටපු සුපිරි ක්‍රීඩකයා “දෙවෙනි ඉනිමක්” ආරම්භ කිරීමට සුදානමින් සිටින බවට පුවතක් සමාජජාලා වෙබ් අඩවි වල පළව තිබුණා.
තවද මෙම විවාහයෙන් සුපිරි මහේලට දියනියක සිටින අතර , එම දියණියගේ අයිතියද මවට ලැබී තිබෙන බවටද තොරතුරු වාර්තා වෙනවා.
………………………….hodamagossip.com ඇසුරෙනි……………………
No comments:
Post a Comment