ඡන්දෙට පෙර රනිල් ඉවතට.. එජාපයෙන්ම අලූත් අගමැතිවරයෙක්.. එජාප පළුවක් සමග අලුත් ආණ්ඩුවක්..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 18, 2018

ඡන්දෙට පෙර රනිල් ඉවතට.. එජාපයෙන්ම අලූත් අගමැතිවරයෙක්.. එජාප පළුවක් සමග අලුත් ආණ්ඩුවක්..?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර වෙනත් අගමැතිවරයෙක් යටතේ නව ආණ්ඩවුක් පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් හා සාකච්චා කර ඇති බව එජාප හිතවාදී සමාජ මාධ්‍ය ගණනාවක් වාර්තා කර ඇත.

නව අගමැතිවරයා එක්සත් ජාතික පක්‍සයේ ජ්‍යේෂ්ඨයෙකුම පත් කිරීම මගින් ආණ්ඩුවට සරල බහුතරය සාදා ගැනීම පහසු වනු ඇති බව සාකච්චා වී ඇති බවත් වාර්තාවන්හි දැක්වෙයි. ඒ අනුව බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් වන සාකච්චාව තවත් ඉදිරියට ගෙනගොස් අගමැතිවරයාට ඉල්ලා අස්වීමට බල කර ඔහු ඉවත් නොවුනහොත් ධුරයෙන් ඉවත් කර නව ආණ්ඩුවක් නව අගමැතිවරයෙක් සමග පිහිටුවීමට සාකච්චා වී ඇති බවද සදහන්ය.

එසේ පිහිටුවන ආණ්ඩුවක් සදහා ඒකාබද්දයේ මන්ත‍්‍රීවරුනගේ සහාය මෙන්ම එජාපයේ පිරිසකගේ සහායද ලබා ගැනීමට හැකි වනු ඇති බවට තක්සේරු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad