ගිය ආණ්ඩුවේ තෙල් ඇමති ‘හෙජින් හොරා’… විදේශ රැකියාවලින් ගසාකාපු එකා.. පස්සේ දොරෙන් අපේ ඇමතිකම් අරං අපිට බනිනවා..- රුවන් විජේවර්ධන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 30, 2018

ගිය ආණ්ඩුවේ තෙල් ඇමති ‘හෙජින් හොරා’… විදේශ රැකියාවලින් ගසාකාපු එකා.. පස්සේ දොරෙන් අපේ ඇමතිකම් අරං අපිට බනිනවා..- රුවන් විජේවර්ධන

‘පසුගිය ආණ්ඩුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරු මඩ නාගෙන සෑම වංචාවක් සිදු කොට පිටු පස්සේ දොරෙන් අපේ කැබිනට් එකට ඇවිල්ලා අපිට බනිනවා.

එක ඇමතිවරයකු පසුගිය කාලයේදී ඛනිජ තෙල් සංස්ථාවේ හෙජින් ගනුදෙනුව හරහා මිලියන දහස් ගනනක් රටට අහිමි කල පුද්ගලයෙක්. ඊලඟට විදේශ රටවලට රැකියා යන අයගේ මුදල් සාක්කුවේ දාගත්ත අපේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිකමක් ගත්ත පුද්ගලයකු ඉන්නවා. 

ඔහුත් කෝටි ගනන් මුදල් වංචා කොට පිටුපස්සේ දොරෙන් අපේ රාජ්‍ය ඇමතිකම් අරන් අපිට බනිනවා’ යයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසිය. ඔහු මෙසේ පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ පැවති එජාපයේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදිය.


No comments:

Post a Comment

Post Bottom Ad