මහින්ද තිරප්පනේ දී නාග රාජයාගෙන්.. මහරගමදී මෝටර් බයික් එකෙන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 30, 2018

මහින්ද තිරප්පනේ දී නාග රාජයාගෙන්.. මහරගමදී මෝටර් බයික් එකෙන්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව තුල ඉදිරි පළාත් මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති සහ දැක්ම ඉදිරියට ගෙනයාමට කැපවන බව එක්සත් ලංකා මහා සභා පක්ෂය පවසයි.

ඒ අනුව එම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාග පක්ෂයක් බවට පත්ව ඇත. පළාත් පාලන මැතිවරණයේ දී තිරප්පනේ ප්‍රාදේශීය සභාව තුල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්පුර්ණ සහයෝගය එක්සත් ලංකා මහා සභා පක්ෂයට හිමි වේ. එම පක්ෂයේ ජන්ද ලකුණ “නාග රාජයා” යි. මේ සම්බන්දයෙන් එකගතාවය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ අනුරාධපුර නිවසේදී ප්‍රකාශයට පත්වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන්,එක්සත් ලංකා මහා සභා පක්ෂයේ ලේකම්තුමා සහ අපේක්ෂකයන් එම අවස්ථාවට එක් විය.

නාග රාජයාට සහාය දැක්වීමට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි දිනක දී තිරප්පනේට පැමිණෙන බව එක්සත් ලංකා මහා සභා පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ අතර ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනාව ප‍්‍රතික්‍ෂෙප වූ මහරගම නගර සභාව සදහා ස්වාධීන කණ්ඩායම අංක 01 යටතේ මෝටර් බයිසිකලය ලකුණින් තරග වදින කණ්ඩායමට සහාය පල කිරීමට තීරණය වී ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad