විශේෂ කාලගුණ නිවේදනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 13, 2018

විශේෂ කාලගුණ නිවේදනයක්


පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළදී තවදුරටත් පැවැතිය හැකි බවත් ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පලාත්වල මිලිමීටර් 100 පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ගිඟුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි. එසේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


මේ අතර දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින වළාකුළු තත්ත්වයන් හේතුවෙන් පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේහවල තද වැසි ඇති විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ඉහළ යාමට ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම නිසා එම මුහුදු ප්‍රදේශයන් ක්ෂණිකව රළු විය හැකි බවද නිවේදනයේ දැක්වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad