ජනපතිගේ අනුරාධපුර රැලිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 10, 2018

ජනපතිගේ අනුරාධපුර රැලිය

පෙබරවාරී 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධන කරන මහජන රැලි හා රැස්වීම් මාලාවේ මංගල රැලිය හා රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරු 2 ට අනුරාධපුරයේදී ආරම්භ විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ මහලේකම්, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක, එක්සත් ජනාතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් ඇතුළු පක්ෂ නායකයන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හා රුවන්මැලි සෑ රඳුන්ගේ ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව රැස්වීමට සහභාගී විය.


මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළි දැක්වූ අතර සන්ධානයට බලය හිමි වන පළාත් පාලන ආයතන නව තාක්ෂණය හා නව කළමනාකරණ ක්‍රමවේද භාවිත කරමින් ජනතා හිතවාදී හා පිරිසුදු ආයතන ලෙස පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ ඉදිරිපත් කළේය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබිණ.








No comments:

Post a Comment

Post Bottom Ad