2011 ලෝක කුසලානය ලංකාවට හිමි වෙයිද ? ඉන්දීය ප්‍රභල ක්‍රීඩකයෙකුට තහනම් උත්තේජක චෝදනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 10, 2018

2011 ලෝක කුසලානය ලංකාවට හිමි වෙයිද ? ඉන්දීය ප්‍රභල ක්‍රීඩකයෙකුට තහනම් උත්තේජක චෝදනා

ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පසුගිය කාලයේ ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කල යුසුප් පතන්ට තහනම් උත්තේජක චෝදනා එල්ල වී ඇති අතර මේ වන විට ඔහු එයට වැරදිකරු බවට පත්වී මාස පහක කාලයක තරඟ තහනමකටද ලක්ව ඇත.

ඉන්දීය කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයෙකු මෙලෙස තහනම් උත්තේජක චෝදනා ලබා වැරදිකරු වූ දෙවන අවස්තාව ලෙස මෙය හැඳින්විය හැකි අතර මීට පෙර ප්‍රදීප් සන්ගවාන්ද මෙලෙස තහනම් උත්තේජක චෝදනාවට වැරදි කරු බවට පත්වී ඇත.



තහනම් උත්තේජක ගත්තද එය අතපසුවීමක් බව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විශ්වාස කිරීමත් මෙම ක්‍රියාවලියේදී පතාන් ක්‍රීයා කල ආකාරයත් නිසා අවම දඬුවම් කාලය වන මාස 5ක කාලය දඬුවමක් ලෙස ඔහුට ලබාදී තිබෙන ඉන්දීය තහනම් උත්තේජක සම්භන්දයෙන් ක්‍රීයාත්මක වන බලධාරීන් ඔහුගේ දඬුවම මීට මාස පහකට පෙර දිනයක සිට ආරම්භ වන ලෙස යොදා ඇත.

ඒ අනුව 2017 අගෝස්තු 15 සිට දඬුවම් කාලය ආරම්භ වන අතර මෙම මස 14 මද්‍යම රාත්‍රියෙන් මෙම කාලය අවසන් වීමට නියමිතව ඇත.බොහෝ අවස්ථාවල ඉන්දියාව වැරදි කරන තම ක්‍රීඩකයන් ආරක්ෂා කිරීමට  කටයුතු කරන අකාරයෙන්  මෙම සිදුවීමේදී ද කටයුතු කර ඇති බවක් දක්නට ලැබේ.යුසුප් පතන් 2011 ලෝක කුසලානය ජයග්‍රහණය කල ඉන්දීය කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයෙකි.ඉන්දීය ක්‍රිකට් බලධාරීන් මෙම සිදුවීම වසන් කර මොහුට අවම දඩුවමක් ලබා දුන්නේ ඔවුන් ලබාගත් තරගාවලි ජයද අහමි වේ යැයි බියෙන් දැයි විදෙස් මාධ්‍යටද නැගෙන ගැටලුවකි.

පතාන් මේ වනවිට 35 වන වියේ පසුවන අතර ඉන්දියාව වෙනුවෙන් එක්දින තරඟ 57 ක් සහ T20 තරඟ 22 කට සහභාගී වී ඇති අතර ,IPL තරඟාවලියේදී ද තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දක්ෂතා දක්වා ඇති පතාන් IPL වේගවත්ම අර්ධ ශතකයටද හිමිකම් කියන ක්‍රීඩකයා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad