වසර තුනකදී යහපාලනය ලෝක වාර්තාවක් තබයි.. කළු සල්ලි සුදු කරන භයානක රටවලින් ආසියාවේ දෙවැනියා ලෝකයෙන්ම හයවැනියා.. වාර්තාව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 30, 2018

වසර තුනකදී යහපාලනය ලෝක වාර්තාවක් තබයි.. කළු සල්ලි සුදු කරන භයානක රටවලින් ආසියාවේ දෙවැනියා ලෝකයෙන්ම හයවැනියා.. වාර්තාව මෙන්න..

ලෝකයේ කලු සල්ලි සිදු කරන වඩාත්ම අවදානමකට ලක්ව ඇති අති දූෂිත රාජ්‍යන් ලෙස සමස්ථ ආසියාවේම දෙවෙනි රට ලෙස ශ්‍රීලංකාව පත්ව ඇත. ශ්‍රීලංකාවට අමතරව මෙම තත්ත්වයට පත්ව ඇති අනික් රට එකාධිපතියෙකු වන කිම් ඉල් ජෝන් විසින් පාලනය කරනු ලබන උතුරු කොරියාවයි.

මෙහි වගකීම ශ්‍රීලංකාවේ වර්තමාන පාලකයන් වෙත පැවරේ. මේ අනුව ලෝකයේ කලු සල්ලි සුදු කරන ලෝකයේ දූෂිතම රටක් ලෙස නිදහසින් පසු ප්‍රථම වරට “අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රීයාකරි බලකාය” විසින් වාර්තා කොට ඇත. මේ අනුව කිසිම පිලිගත් ජාත්‍යන්තර ආයතනයක් සමාගමක් ශ්‍රීලංකාවේ ආයෝජනය කිරීමට ප්‍රථම දෙවරක් සිතා බලනු ඇත. වසර 30 යුද්ධය පැවති රටක් වූ ශ්‍රීලංකාව ඉතිහාසයේ කිසිම දිනක මෙවෙනි භායනක ආර්ථික අවදානමකට මෙන්ම අපකීර්තියට පත්ව නොතිබුණි.

එමෙන්ම මුලු ලෝකයේම මෙවෙනි අවදානමකට ලක්ව ඇත්තේ රටවල් 11 කි. එය ලෝකයේ තිබෙන රාජ්‍යන් අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රීයාකරි බලකාය (FATF) සාමාජික රටවල් 207 කිනි. Link

අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රීයාකරි බලකාය (FATF) යනු 1989 දී පිහිටුවන ලද අන්තර් රාජ්ය ආයතනයකි. FATF හි පරමාර්ථ වන්නේ ජාත්යන්තර මූල්ය පද්ධතියේ අඛණ්ඩතාවට මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදය මූල් යකරණය සහ වෙනත් අදාළ තර්ජන එරෙහිව නීතිමය, නියාමන සහ මෙහෙයුම් ක්‍රියාමාර්ග ඵලදායීව ක්‍රියාත්මක කිරීම ප්‍රමිති සකස් කිරීම හා ප්‍රවර්ධනය කිරීමයි.

එහෙයින්, FATF යනු මෙම ක්ෂේත්‍රයන්හි ජාතික ව්‍යවස්ථා සම්පාදන හා නියාමන ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම සඳහා අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය ඇති කිරීමට “ප්‍රතිපත්ති සම්පාදන ආයතනයක්” වේ. මේ සම්බන්ධයෙන් සන්ඬේ ටයිම්ස් පුවත්පතේ මුල් පිටුවේම සදහන් කර ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad