පාකිස්තානු කණ්ඩායම වාර්තාගත දරුණු පරාජයකට මුහුණදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 13, 2018

පාකිස්තානු කණ්ඩායම වාර්තාගත දරුණු පරාජයකට මුහුණදෙයි

සංචාරක පාකිස්තානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05කින් යුත් එක්දින තරගාවලියේ අද පැවැති තෙවැනි තරගයෙන් ලකුණු 183ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් විය.ඒ අනුව තරගාවලියේ තරග 02ක් ඉතිරිව තිබියදීම තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට සත්කාරකයින් සමත්විය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළදි සියලු දෙනා දැවී ලකුණු 257ක් රැස් කර ගත්හ. එහිදී නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කළ කේන් විලියම්සන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් හතරේ පහර 07ක් සමගින් ලකුණු 73ක් රැුස් කරගත් අතර ගප්ටිල් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක්ද රොස් ටේලර් සමග එක්වෙමින් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුනු 74ක් සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත්විය.

එහිදි රොස් ටේලර් හතරේ පහර 04ක් සමගින් ලකුණු 52ක් රැුස් කරගත් අතර දෙවැනි තරගයේ වීරයා වු ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල් එක් හයේ පහරක් හා හතරේ පහර 04ක් සමගින් ලකුනු 45ක් රැස්කළහ. පන්දු යැවීමේදී පාකිස්තානු කන්ඩායම වෙනුවෙන් රමන් රයීස් හා හසන් අලී කඩුලු 03 බැගින් බිද හෙළීමට සමත්වු අතර ශඩාබ් ඛාන් කඩුලු 02ක් බිද දැමීමට සමත්වූහ.

අනතුරුව ජයග‍්‍රහණය සදහා ලකුණු 258ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කන්ඩායමේ සියලු පිතිකරුවන් පන්දුවාර 27.2ක් තුළදී ක‍්‍රිඩාගාරය වෙත හරවා යැවීමට නවසිලන්ත පන්දුයවන්නන් සමත්වු අතර ඒ වන විට පාකිස්තානුවන්ට රැුස්කර ගත හැකි වුයේ ලකුණු 74ක් පමණි.පාකිස්තානු කණ්ඩායම එක්දින තරග ඉතිහාසයේ ලබාගත් තෙවැනි අඩුම ලකුණු සංඛාව ලෙස එය වාර්තා පොත් අතරටද එක්විය

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිමේදී ට්රෙන්ට් බෝල්ට් ලකුනු 17කට කඩුලු 05ක් දවාගනිමින් තරගයේ වීරයා සම්මානය හිමි කරගත් අතර කොලින් මුන්රෝ හා ලකී ෆර්ගසන් කඩුලු 02 බැගින් දවා ගැනිමට සමත්වූහ.

නවසීලන්ත කණ්ඩායම – පන්දුවාර 50ක් තුල සියලු දෙනා දැවී ලකුනු 257
(කේන් විිලියම්සන් 73,රොස් ටේලර් 52, මාර්ටින් ගප්ටිල් 45,රමන් රයීස් 3/51, හසන් අලී 2/51)

පාකිස්තානු කන්ඩායම – පන්දුවාර 27.2 කදී සියලු දෙනා දැවී ලකුනු 74
(රමන් රයීස් 16, සෆ්රාස් අහමඩ් නොදැවී 14, ටෙ‍්‍රන්ට් බොල්ට් 5/17, කොලින් මුන්රෝ 2/10)

No comments:

Post a Comment

Post Bottom Ad