උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නියමයට අනුව පෞද්ගලික බස් හා ලංගම බස් ධාවනය නව බස් නැවතුම්පලේ සිට ක්‍රියාත්මක කරන ලෙසට දුන් දැනුම්දීමට අනුව පෞද්ගලික බස් නව බස්නැවතුම්පලට ගියද ලංගම බස් රථ නව බස්නැවතුම්පලට නොයෑම හේතුවෙන් අද (26) දෙපාර්ශවය අතර වූ උණුසුම් තත්වය පලානය කිරීමට වව්නියාව පොලීසියට මැදිහත් වීමට සිදු විය.
පසුගිය ජනවාරි මස 17වනදා රුපියල් කෝටි 20 ක වියදමින් ඉදි වූ වව්නියාව නව බස්නැවතුම්පලට මේ දක්වා බස් ගාල් කිරීම සිදු නොවූවේ ඇති වූ වවිධ ගැටලුකාරී තත්වයන් හේතුවෙනි. කෙසේ වෙතත් අදාල ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවාහන බලධාරීන් හා උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා දීර්ඝව සාකච්ඡා කොට අවසානයේ නව බස්නැවතුමපලේ සිට ධාවන කටයුතු සිදු කරන ලෙසට දැනුම් දුන්නද අද දිනයේදී ලංගම බස් රථ නව බස් නැවතුම්පලට ගාල් නොකිරීම හේතුවෙන් එයට පෞද්ගලික රියදුරන් දැඩි සේ විරෝධය පෑහ.
මේ අනුව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාගේ නියෝගය අනුව වව්නියාව පොලීසිය අද ලංගම බස් නියේජිතයින් සමග සිදු කල සාකච්ඡාවේදී ලංගම නිලධාරන් කියා ඇත්තේ නව බස් නැවතුම්පලේ සිට ලබා දී ඇති කාලසටහනට අනුව බස් ධාවනය කිරීමට නොහැකි බැවින් මේ සම්බන්ධයෙන් ඩිපෝව හරහා කොළඹින් තමන්ට දැනුම් දෙන තුරු පැරණි බස් නැවතුම්පලේ සිට බස් ධාවනය කරන බවටයි.
නමුත් එම අවස්ථාවේදී පෞද්ගලික බස් හිමියන් කියා සිටියේ ලංගම බස් නව බස් නැවතුම්පලට රැගෙන නොයෑමෙන් තමන්ට දැඩි අසාධාරණයක් වන හෙයින් නියෝගයට අනුව දෙපාර්ශවයම නව බස් නැවතුමපලට යා යුතු බවත් එසේ නොවන්නට තමන්ද පැරණි බස්නැවතුම්පලේම බස් ගාල් කරන බවටයි. පසුව එහිදී දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරු සිදු වූ අතර පොලීසිය මැදිහත් වීමෙන් තත්වය පාලනය කොට ඇති අතර තවත් කලබල කරන්නේනම් එම පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවටද දැනුම් දී ඇති අතර බස් ගාල් කිරීමේ ගැටලුව නැවත සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Tuesday, December 26, 2017
ලංගම හා පුද්ගලික බස් අතර උණුසුම් තත්වයක්… පාලනයට පොලිසිය එයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment