ශ‍්‍රිලනිපයට පුදුම ගැම්මක් රටේ තියෙන්නේ.. තනිව තරග කර පළවැනියා වෙනවා.. ඒකාබද්දය එපා…- අමරවීර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 7, 2017

ශ‍්‍රිලනිපයට පුදුම ගැම්මක් රටේ තියෙන්නේ.. තනිව තරග කර පළවැනියා වෙනවා.. ඒකාබද්දය එපා…- අමරවීර

ඒකාබද්ද විපක්‍ෂය සමග එක්වීම සදහා පැවති සාකච්චා අසාර්ථක වීම නිසා නතිව තරග වැදීම සදහා නාම යෝජනා සකස් කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

අද වන විට ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධානයට හිතුවාටත් නඩා ජයග‍්‍රහණයක් ලබා ගත හැකිව ඇති බවද පවසන ඔහු ඒකාබද්ද විපක්‍ෂයට ආරාධනා කලේ ජයග‍්‍රහණය විජයග‍්‍රහණයක් කර ගැනීමට යයිද ඔහු සදහන් කරයි. පළාත් පාලන මැතිවණයේදී පළමු තැනට පැමිණ ජයග‍්‍රහණය කල හැති බවට අද වන විට විශාල විශ්වාසයක් ගොඩ නැගී ඇති බවද ශ‍්‍රීලනිපය පරදින්න තරග නොකරන බවද ඇමතිවරයා කියා සිටී.

ඒකාබද්ද විපක්‍ෂය එක් නොවුනද මැතිවණය තනිව ජයග‍්‍රහණය කල හැති තත්වයක් දැන් රට තුල නිර්මානය වී ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය. කොළඹදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍යවේදීන් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad