සිංහල බෞද්ධ අනන්‍යතාවය සුරැකීම සියල්ලන්ගේම වගකීමක් - අගරදගුරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 14, 2017

සිංහල බෞද්ධ අනන්‍යතාවය සුරැකීම සියල්ලන්ගේම වගකීමක් - අගරදගුරු

බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමා අතර හමුවක් අද (14) උදැසන කාදිනල් නිල නිවසේදී සිදු වී තිබේ.

මෙහිදී, රට තුල සිදුකෙරෙන වන්ද්‍යාකරණ වැඩ පිළිවෙල සහ ඉරිදා අමතර පංති පැවැත්වීමට විරුද්ධව කාදිනල්වරයා සිදුකල ප්‍රකාශයට ස්තූතිය පලකල  ඥානසාර හිමි 2012 වසරේදී මේ පිලිබදව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කල යෝජනාවලිය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මුදල් යොදවමින් සිදුකරන වන්ද්‍යාකරණ වැඩපිළිවෙලට අදාළ සාක්ෂි සහ විස්තර කාදිනල්වරයාට ලබාදෙන ලදි.

මේ රටේ සිංහල බෞද්ධ අනන්‍යතාවය රැකගැනීම සියල්ලගේම වගකීමක් බව පැහැදිලි කල කාදිනල්වරයා අප සතුව පවතින වටිනාකම් ආරක්ෂා කරගන කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පැහැදිලි කර සිටියා. බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ ඇතුළු තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් බොදු බල සේනා සංවිධානය නියෝජනය කරමින් මෙම අවස්ථාව සදහා සහභාගී වී තිබේ.



No comments:

Post a Comment

Post Bottom Ad