ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී වඩාත් ප්රබලව පක්ෂ 20 ශක්තියෙන් තමන් සමග අලුතින් එක්වීමට දැනට කැමැත්ත පළකර ඇති සියලු පක්ෂ සමග සන්ධාන ගතවී ඒකාබද්ධ පොදුජන පෙරමුණ නාමයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් වෙයි. ඊයේ (23) දහවල් පැවති පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී එලෙස තීරණය කර ඇත.
එම තීරණයට අදාළ සියලු කටයුතු ලබන ජනවාරි 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒකාබද්ධ මහා සභා රැස්වීමේදී දැනුම්දීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත. මෙම රැස්වීම පොදුජන එක්සත් පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Sunday, December 24, 2017
පොදුජන පෙරමුණ සන්ධානයකට සැරසෙයි..පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීන්දු වෙයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment