අරණායක හිමිවරු දෙදෙනෙකුට නාදුනන පුද්ගලයෙකු පිහියෙන් අනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 18, 2017

අරණායක හිමිවරු දෙදෙනෙකුට නාදුනන පුද්ගලයෙකු පිහියෙන් අනියි

අරණායක හිමිවරු දෙදෙනෙකුට නාදුනන පුද්ගලයෙකු පිහියෙන් අනියි
පුද්ගලයෙකු සමඟ බහින් බස් විමක් දුර දිග ගොස් ඔහු විසින් හිමි නමකට සහ තවත් ගිහි පුද්ගලයන් දෙදෙනෙකුට පිහියකින් කැපුම් තුවාල සිදු කිරිම හේතුවෙන් හිමියන් සහ අනික් දෙදෙනා මෙ වන විට රෝහල් ගත කර ඇති අතර සැකපිට එම පුද්ගලයා ඊයේ ( 17) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ අරණායක සාමගම පුනා පොකුණ විහාරාධිපති හිමිපාණන් වහන්සේ සහ උන් වහන්සේගේ ගිහි දායකයන් දෙදෙනෙකි. පෙරේදා (16) දින රාත‍්‍රී 7 ත් 8 ත් අතර කාලයේ උන්වහන්සේ ත‍්‍රීරෝද රථයකින් දෙබත්ගම කුමාරපුර විහාරස්ථානයට ගොස් ඇත්තේ කිසියම් කටයුත්තකට කුමාරපුර විහාරාධිපති හිමියන්ගෙන් නැකතක් බලා ගැනිම සඳහායි.  

එහි ගිය උන්වහන්සේට එම ස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් නැකතක් බලා ගැනිමට පැමිණ සිටි එම ප‍්‍රදේශයේම ගම්වැසියෙක් ද එහි රැඳී සිට ඇති අතර එහිදි පුනා පොකුණ විහාරාධිපති හිමියන් සහ දෙබත්ගම ප‍්‍රදේශයේ එහි සිටි ගම්වැසියා සමඟ ඇති වු කථා බහක් දුර දිග ගොස් අවසානයේ මෙය ගැටුමක් තත්වයට වර්ධනය වි ඇති බව පොලිසිය පවසයි. එහිදි අරණායක සාමගම නැකත් බැලිමට පැමිණි හිමියන් විසින් එම පුද්ගලයාට පහර දි ඇති අතර ඔහු විසින් එම විහාරයේ තිබු කුඩා පිහියක් ගෙනවිත් හිමියන්ට සහ හිමියන් සමග පැමිණි දෙදෙනාට තුවාල සිදු කර ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව කැපුම් තුවාල ලැබු හිමියන් ඇතුලූ අනික් දෙදෙනා අරණායක දිසා රෝහල වෙත ගම්වැසියන් විසින් ප‍්‍රතිකාර සඳහා රැගෙන ආ අතර එහිදි එයින් ගිහි පුද්ගලයන් දෙදෙනා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇති අතර හිමියන් දැනට අරණායක දිසා රෝහලේ ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. මෙම ගැටුමෙන් පසුව සැකකරු පලා ගොස් ඇති අතර උදෑසන පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන මේ වන විට ප‍්‍රශ්න කිරීම් සිදු කරයි. 

කෙසේ වෙතත් ගැටුම වන අවස්ථාවේ දෙබත්ගම කුමාරපුර විහාරයේ විහාරාධිපති හිමියන් එම අවස්ථාවේ විහාරස්ථානයෙන් බැහැරව සිටි බවත් විහාරස්ථානයේ සිටි වෙනත් නේවාසික භික්ෂුන් වහන්සේ නමක් සිද්ධිය දැක ඇති අතර පොලිසිය මේ වන විට උන්වහන්සේගෙන්ද සාක්ෂි සටහන් කොට ගෙන ඇති බවද පොලිසිය පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad