අවුල ලිහාගන්න රුසියා යන ඇමැතිවරුන්ගේ ගමන පමාවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 18, 2017

අවුල ලිහාගන්න රුසියා යන ඇමැතිවරුන්ගේ ගමන පමාවේ

රුසියානු රජය මෙරට තේ වලට පනවා ඇති තහනමත් සමඟ ඇතිව තිබෙන අර්බුදය විසඳා ගැනීමට වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, විද්‍යා හා තාක්‍ෂණ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත යන ඇමැතිවරුන් අද (18) දිනයේ මොස්‌කව් බලායාමට නියමිත තිබුනද අමාත්‍ය නවීන් දිසානායක මහතා ගෙන් කල විමසීමක දී පැවසුවේ, පළමුව තාක්‍ෂණික කණ්ඩායමක් රුසියාව බලා පිටත් කර හරින බවයි.

ඒ අනුව රුසියාව බලා යවන තාක්‍ෂණික කණ්ඩායම කවුරුන්දැයි අද (18) දිනයේ තීරණය කරන බවද අමාත්‍යවරයා පැවසිය. තාක්‍ෂණික කණ්ඩායමෙන් ලබාගන්නා තොරතුරු මත පසුව අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් රුසියාව බලා යන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය. තේ පමණක් නොව ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන සියලූ කෘෂි බෝග රුසියාව විසින් තහනම් කරනු ලැබ ඇති බවද මෙහිදී ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා තේ ආනයනයට රුසියානු රජය පනවා ඇති තහනම අද (18දා) සිට ක්‍රියාත්මකය. රුසියාව ශ්‍රී ලංකා තේ වල ප්‍රධානතම ගැනුම්කරුවා වේ. මේ වසරේ මුල් මාස දහය තුළ රුසියාව ඩොලර් මිලියන 23 ක්‌ වටිනා තේ කිලෝ මිලියන 29 ක්‌ මිලදී ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad