සෞඛ්‍ය වෘත්තීන් දෙකක ඇදුම වෙනස් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 29, 2017

සෞඛ්‍ය වෘත්තීන් දෙකක ඇදුම වෙනස් වෙයි

සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් දෙකක නිල ඇදුම වෙනස් කිරීමට අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිල ඇදුම වෙනස් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යෝජනා කර ඇත්තේ. 

නව නිල ඇදුමක් සම්බන්ධයෙන් යෝජනා ලබාදෙන ලෙස අදාළ වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සමිති වෙත දැනුම්දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. එම යෝජනාව ලැබීමෙන් පසු යළි සාකච්ඡාවක් කැදවා අවසන් තීරණයක් ගනු ලබන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ. 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම තීරණය සම්බන්ධයෙන් අප රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කුගෙන් විමසා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad