ආණ්ඩුවෙන් පිරිසක් විපක්‍ෂයට එන බව මහින්ද කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 14, 2017

ආණ්ඩුවෙන් පිරිසක් විපක්‍ෂයට එන බව මහින්ද කියයි..

ආණ්ඩුවෙන් පිරිස් විපක්‍ෂය වෙත එක් කර ගැනීමේ වැඩපිලිවෙලක් නැති බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ආන්ඩුවෙන් කිසිවෙකු ඉවත් වන්නේ නම් ප‍්‍රතිපත්තියක් මත පැමිණිය යුතු බවද ඔහු සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ අනුරාධපුර ජයසිරි මහා බෝධිය, රුවන්වැලි මහා සෑය වැදපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි. කෙසේ වෙත්ත විපක්‍ෂයට එක්වීම සදහා ආණ්ඩුවේ පිරිසක් මේ වන විට සාකච්චා කරමින් සිටින බවත් කිසියම් මොහොතක ඔවුන් විපක්‍ෂයට එක්වනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

ඒකාබද්ද විඵක්‍ෂයෙන් ඇතැම් මන්ත‍්‍රිවරුන් ඉවත් වුවද මහජනතාව ඔවුන් සමග ඉවත් වන්නේ නැති බවද ඔහු සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad