අඟුණකොළපැලැස්ස සහ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු ඇතුළු පිරිසක් එජාපයට. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

අඟුණකොළපැලැස්ස සහ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු ඇතුළු පිරිසක් එජාපයට.

අඟුණකොළපැලැස්සස ප්‍රාදේශීය සභාවේ සභාපති එක්සත් නිදහස් සන්ධානයේ මුණසිංහ විජේරත්න එක්සත් ජාතික පක්ෂයට එක් වී තිබේ. ඒ මිට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍යවරයා හමුවෙමිනි.

මේ අවස්ථාවට අමාත්‍ය දිලිප් වෙදආරච්චි සහ කෑගල්ල ආසන සංවිධායක ලිලාන් අමරකෝන් ද සහභාගි වී තිබේ.

කෑගල්ල දෙවරක් සභාපති එජාපයට

මේ අතර කෑගල්ල ප්‍රාදේශීය සභාවේ දෙවරක් සභාපති ධුරය දැරූ, එමෙන්ම වසර 19 ක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඒකාබද්ධ විපක්ෂයේ සිටි උපාලි දිසානායක මැතිතුමා අද දින අග්‍රාමාත්‍යතුමන් අතින් එජාපයේ සාමාජිකත්වය ලබාගනු ලැබුවා. 

එතුමා මෙවර එජාපයෙන් කෑගල්ල ප්‍රාදේශීය සභාවට තරග වැදීමට අපේක්ෂා කරනු ලබන අතර මේ රටේ දක්ෂ තරුණ දේශපාලනඥයින්ට එජාපයේ දොර හැමදාමත් විවෘතව පවතියි. එම අවස්ථාවට එජාප කෑගල්ල ආසන සංවිධායක නීතීඥ ලිලාන් අමරකෝන් මැතිතුමන්, එජාප මහලේකම් කබීර් හෂීම් මැතිතුමන් ඇතුළු පිරිස සහභාගී විය.

No comments:

Post a Comment

Post Bottom Ad