අධිචෝදනා ලද රංගේ බණ්ඩාර නිදහස් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

අධිචෝදනා ලද රංගේ බණ්ඩාර නිදහස් කරයි

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වූ නඩුවෙන් අද(12 දා) ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා නියෝග කළේ ය.

ඒ, විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි අධි චෝදනා පත්‍රය ඉවත් කර
ගන්නා බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීම හේතුවෙනි.

නීතිවිරෝධී ලෙස එක්ලස් කරන ලද ජීප් රථයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඳින්වීම සඳහා මොන්ටෙරෝ රථයක ලියාපදිංචි සහතිකය භාවිත කිරීමට පෙළඹ වීම, අනුබල දීම, හෝ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතාට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබිණ.

පැමිණිලිකරු සහ විත්තිකරු නඩුව සම්බන්ධයෙන් සමතයකට පැමිණ ඇති බැවින් තවදුරත් නඩු විභාගය පැවැත්වීමට අවශ්‍ය නොවන බව පැමිණිලිකරු දන්වා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ අනුව විත්තිකාර රාජ්‍ය අමාත්‍යවරයා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad