දුම්රිය වර්ජනය අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 13, 2017

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වෘත්තීය සමිති සහ කැබිනට් අනු කමිටුව අතර සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. 

වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ කැබිනට් අනුකමිටුව අතර සාකච්ඡාව අද(13) උදැසන බත්තරමුල්ල – සෙත්සිරිපායේ පිහිටි විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

ගැටලුව කඩිනමින් සමතයකට පත්කර ගැනීම අරමුණින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ (12) කැබිනට් අනුකාරක සභාවක් ද පත්කරනු ලැබීය. අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුතු අනු කාරක සභාවට රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් ඇතුළත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad