ඩෙංගු පැතිරීම වැළැක්වීමට නව බැක්ටීරියාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 13, 2017

ඩෙංගු පැතිරීම වැළැක්වීමට නව බැක්ටීරියාවක්

ඩෙංගු පැතිරීම වැළැක්වීමට නව බැක්ටීරියාවක්
ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වා දී ඇති “Wolbachia” බැක්ටීරියාව, ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීම සදහා යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට නියමිතය. ශ්‍රී ලංකාවේ මදුරුවන් මගින් බෝවන රෝග අතුරින් ඩෙංගු රෝගය ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වා දී ඇති නව බැක්ටීරියාව සමහර මදුරු විශේෂ ද ඇතුලුව ලෝකයේ කෘමි විශේෂ 60 කට වැඩි ප්‍රමාණයක ශරීර තුළ හා ස්වභාවිකව ජීවත්වන බැක්ටීරියාවකි. 

එහෙත් මෙම බැක්ටීරියාව ප්‍රධාන ඩෙංගු වාහක මදුරු විශේෂය වන  ඊඩිස් ඊජිප්ටයි මදුරුවන්ගේ ශරීරිය තුළ ස්වභාවිකව හමු නොවෙයි. “Wolbachia” බැක්ටීරියාව ආසාදනය වූ මදුරුවන්ගේ ශරීරය තුළ ඩෙංගු වෛරස සම්ප්‍රේෂණ මට්ටම වර්ධනය නොවෙයි. එය මිනිස් ගහනය තුල ඩෙංගු වෛරසය පැතිරීම සැළකිය යුතු මට්ටමින් අඩු කිරිමට ප්‍රමාණවත් වෙයි. 

ඩෙංගු රෝගය පැතිරීම වැළෑක්වීම සදහා “Wolbachia” බැක්ටීරියාව ආසාධිත “Aedes aegypti” මදුරුවන් නිදහස් කිරීම ඔස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ කොළොම්බියාව යන රටවල සාර්ථකව සිදු කරයි. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරා ගත් ප්‍රදේශවල ක්ෂේත්‍ර මට්ටමේ අධ්‍යයනයක් සිදු කිරීම සදහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදිමට මොනෑෂ් විශ්ව විද්‍යාලය කැමැත්ත පළ කර ඇත. ඒ සදහා ඔස්ට්‍රිලියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද කැමැත්ත හිමි වි තිබේ. ව්‍යාපෘතිය සදහා මුල්‍යාධාර ලබාදෙන්නේ ඔස්ට්‍රේලියා රජය මගිනි.

No comments:

Post a Comment

Post Bottom Ad