එකතු වෙන කතා සියල්ල බොරු කරමින් මල් පොහොට්ටුව උදෙන්ම සුබ නැකතින් නාම යෝජනා බාර දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 11, 2017

එකතු වෙන කතා සියල්ල බොරු කරමින් මල් පොහොට්ටුව උදෙන්ම සුබ නැකතින් නාම යෝජනා බාර දෙයි..

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ පළමු නාමයෝජනාව පොහොට්ටුව ලකුණින් තරග කරන ඒකාබද්ද පොදුජන පෙරමුණ විසින් අද අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි වෙත බාරදී තිබේ.

අද පෙරවරු 9.08 ට යෙදී තිබුණු සුබ මොහොතින් එය සිදු විය. ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් බලයලත් නිළධාරි මහාචාර්ය ජන්න ජයසුමන මහතා විසින් ගල්නෑව ප්‍රාදේශීය සභාව සදහා එම නාමයෝජනාව බාර දුන් අතර අපේක්ෂකයින් සියලු දෙනා සහ උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් මහතා ඇතුලු විශාල පිරිසක් ඊට එක් විය.

ජය ශ්‍රී මහා බෝ සමිඳු  වැදපුදා ගත් කණ්ඩායම රුවන්මැලිසෑයේ දුටුගැමුණු ප්‍රතිමාව ඉදිරිපිටඅධිෂ්ඨානයක් ලබා ගෙන ඉන්පසු සුභ මොහොතින් නාමයෝජනා භාර දුන්හ. ඊට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය සභාවට සහ ත්‍රිකුණාමලය නගර/කඩවත්සතර ප්‍රාදේශීය සභාව සදහා ද ශ්‍රීලංකා පොදුජන පෙරමුණ විසින් අද පෙරවරුවේ නාමයෝජනා බාරදීමට නියමිතයි.

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා මුලින්ම ඇප තැන්පත් කරනු ලැබුවේද ශ්‍රීලංකා පොදුජන පෙරමුණයි. මැතිවරණය දිනාගැනීමේ සටනේදී ප්‍රමුඛත්වය ගත්තා සේම මැතිවරණ ක්‍රියාකාරකම් සියල්ල ඉටුකිරීමේ ප්‍රමුඛයාවීම සිය ජයග්‍රාහී වැඩපිළිවෙළෙහි කොටසක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි.

– SLPP



No comments:

Post a Comment

Post Bottom Ad