වීරවංශ ශ්‍රීලනිපයට.. නිරෝෂන් එජාපයට.. ජයන්ත-උදයශාන්තත් යයි..- ජානිපෙ හේතු කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 11, 2017

වීරවංශ ශ්‍රීලනිපයට.. නිරෝෂන් එජාපයට.. ජයන්ත-උදයශාන්තත් යයි..- ජානිපෙ හේතු කියයි..

කැබිනට් අමාත්‍යධුර, කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඇතුළු වරදාන වරප්‍රසාද හමුවේ හෝ අඳුරු සිර කුටි තුළ දමමින් ගෙන් එන මර්දනය හමුවේ හෝ 2015 පෙබරවාරි 18 වැනිදා ගොඩනැඟූ මහින්දවාදී රට රකින ජනපවුර කිසිදා හැර නොයන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි. ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙසේ අවතධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජයන්ත සමරවිර මහතා මෙසේද සඳහන් කළේය.

“ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාටත් එහි නායක මණ්ඩලයටත් එරෙහිව දැවැන්ත අවලාද මෙහෙයුමක් මේ දිනවල දියත් වෙමින් තිබෙනවා. එසේ වන්නේ කුමන හේතුවක් නිසාද, යන්න අපි විමසා බැලිය යුතුයි. 2015 ජනවාරි 8 වෙනිදායින් පසු මේ මේ රටේ ඇති වූයේ සුවිශේෂ තත්වයක්. එක පැත්තකින් දෙමළ ඩයස්පෝරාවේ සහ ජාත්‍යන්තර බලවේගවල උවමනාවට ෆෙඩරල් ව්‍යවස්ථාවක් සැකසෙමින් තිබෙනවා. තවත් පැත්තකින් ජිනීවා යෝජනාවලිය අනුව රණවිරුවන් යුද අපරාධ දංගෙඩියට ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් තිබෙනවා. 

දැනටමත් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවා තිබෙනවා. ‘බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට’ අත්සන් තබා එය අපේ නීති පද්ධතියය ඇතුලත් කිරීමට හදනවා. දැනටමත් හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය ට එරෙහිව විදේශ අධිකරණයක නඩු පවරා තිබෙනවා. බුද්ධි අංශ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ සිරගත කර තිබෙනවා. මේ රට ඉන්දියාවේ කොලනියක් බවට පත්කරන එට්කා ගිවිසුම අත්සන් කිරීමට සැරසෙනවා.

ඒ විතරක් නොවෙයි, රටේ සම්පත් විදේශ රටවල් කුණු කොල්ලයට විකුණා දමමින් තිබෙනවා. හම්බන්තොට වරාය චීනයට විකුණා අවසන්. මත්තල ගුවන් තොටුපල ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න හදනවා. ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, එයාර් ලංකා සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් රැසක් ජාතියට අහිමි වීමට නියමිතයි. ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත් වී මාස දෙකක් ගත වීමටත් පෙර මහ බැංකුව මහ දවල් කොල්ල කෑවා. ‘මහ මොළකරු’ ඇතුළු සියලූ හොරු දැන් අනාවරණය වී තිබුණත් ඒවා යට ගහනවා. 

ප්‍රජාතන්ත්‍රවාදය ගැන පම්පෝරි ගැහුවට මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා. මැතිවරණ සිතියම හකුලමින් සිටිනවා. මේ මොහොතේ රටට හිතැති සියලු බලවේගවල වගකීම වී ඇත්තේ, ‘ඉහත කී ආකාරයට රට වලපල්ලට රැගෙන යන ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යාමට ඉඩ දෙනවද? නැද්ද?’ යන්නට පිළිතුරු ලබාදෙන ජනමත විචාරණයක් බවට මෙවර පළාත් පාලන මැතිවරණය පත්කර ගැනීමයි.

සතුරාගේ උවමනාව

මේ ආණ්ඩුවත් එහි බටහිර හාම්පුත්තුත් ඉහත කී ජනමත විචාරණය පරදින්න සූදානම් නැහැ. ඔවුන් දන්නවා, මහින්ද රාජපක්ෂ නැමැති දේශපාලන සාධකය වටා ඒකරාශී වී සිටින දේශපාලන බලවේග, ජනපවුර විනාශ කිරීමෙන් තොරව, ඒවා සීසීකඩ කිරීමෙන් තොරව තමන්ට දිනන්න බැහැ කියලා. අන්න ඒ අනුව සතුරා සැරසනවා, අද ඒ දේශපාලන බලවේග, ජන පවුර විනාශ කිරීමට. 2015 ජනවාරි 08 වැනිදා සතුරා කෙසේ හෝ කුමන්ත්‍රණය කර මහින්ද රාජපක්ෂ නැමැති දේශපාලන සාධකය මේ රටේ දේශපාලනයේ කේන්ද්‍ර්‍රය බවට පත් වීම නතර කළා. 

නමුත් 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩින් ඇරඹි ‘මහින්ද සුළගත්’ සමගින් ඉහත කී මේ රට රකින ජන පවුර ගොඩනැඟුණා. ඒ සඳහා පුරෝගාමී වූයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ දිනේෂ්, වාසු, උදය යන රටට ආදරය කරන දේශපාලන නායකත්වයයි. නිසා අද සතුරාගේ ප්‍රධාන ඉලක්කය බවට පත්වී ඇත්තේ ඉහත කී ජනපවුර ගොඩනැගීමට මුල් වූ විමල් වීරවංශ ඇතුලු ජාතික නිදහස් පෙරමුණයි.

මදක් හිතලා බලන්න, වරදාන,වරප්‍රසාදවලින් නමා ගන්න බැරි වුණාම විමල් වීරවංශ මහතාගේ ආදරණීය බිරිඳ, සහෝදරයා හිරේ දමලා මට්ටු කරන්න බැලූවා. එහෙම බැරි වුණාම අපේ පක්ෂයේ නායකයන් ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මා ඇතුළු පිරිසක් හිරේ දැම්මා. අවසානයේ විමල් වීරවංශ මහතා අභූත චෝදනා නඟා දින 87ක් හිරේ තැබුවා. මේ සියල්ලට අපි ශක්තිමත්ව මුහුණ දුන්නා. සතුරා හමුවේ දණින් වැටුණේ නැහැ. දිනෙන් දින මහින්ද රාජපක්ෂ නැමැති නැමැති දේශ දේශපාලන සාධකය වටා රට රකින ජනපවුර ගොඩනඟන්න කැපවුණා.

පක්ෂයත් ඇතුළතින්ම සතුරෝ හැදීම

අවසානයේ තම සියලු සැලසුම් අසාර්ථක වුණාට පස්සේ සතුරා අපේ පක්‍ෂය ඇතුළතින්ම අපට ‘සතුරෝ’ හදන්න තීරණය කර තිබෙනවා. ඒ අනුව අපේ පක්ෂය ඇතැම් දුර්වල සහෝදරවරු ඒ පැත්තට අරගෙන දැවැන්ත අවලාද ව්‍යාපාරයක් අරඹා තිබෙනවා. ඒ අතරේ ‘විමල් වීරවංශයන් ශ්‍රී ලනිපයට යයි’ ‘නිරෝෂන් ප්‍රේමරත්න එජාපයට යයි’ ‘පද්ම උදයශාන්ත ගුණසේකරත් යන්න හදනවා’ කියා කට කතා හදනවා. බලන්න, ‘ජයන්ත සමරවීරත් විමල් අතහැර යයි’ කියා එක්තරා ජාතික පුවත්පතක සඳහන්ව තිබෙනවා. (පුවත්පත පෙන්වමින් පවසයි) විමල් වීරවංශ සහෝදරයා මේ අවස්ථාවේ සිටින්නේ පාර්ලිමේන්තුවේ. 

ඒ නිසා මෙතැන සිටින අප තිදෙනා ඔහුත් සමඟ අවධාරණය කරනවා, ජාතික නිදහස් පෙරමුණට කුමන්ත්‍රණ, සතුරාගේ ප්‍රහාරය ආගන්තුක දේවල් නොවෙයි. අපි ජවිපෙන් ඉවත්වීම ඇතුළු සියලු දේශපාලන තීරණ ගත්තේ මේ මව් පොළොවට අසීමිතව ආදරය කරන නිසයි. අද සිදුවන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මේ රට රකින ජාතිකවාදී ජන පවුර දුර්වල කිරීමේ මෙහෙයුමයි. කැබිනට් අමාත්‍ය ධුර අපි සියලූ දෙනාටම ලබා දෙන්න කතා කළත්, කෝටි ප්‍රකෝටි ගණන් මුදල් දෙන්න කතා කළත් ඒ වරදාන, වරප්‍රසාදවලට අපි සියලු දෙනා නැමෙන්නේ නැහැ. අඩි 100ක් ගැඹුරු බිම් ගෙයක දමා සිරගත කළත් අපි සතුරා ඉදිරියේ හිස නවන්නේ නැහැ.’ කියා.

නාමයෝජනා ප්‍රශ්න

දැන් කියනවානේ, ජාතික නිදහස් පෙරමුණ නාමයෝජනා ප්‍රශ්න මුල්කරගෙන ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වෙනවා කියලා. නැහැ, ඒක බොරුවක්. ඒක අපට ද්විතීක ප්‍රශ්නයක්. ජාතික නිදහස් පෙරමුණේ මූලික අර අරමුණ මාතෘභූමියේ සතුරාගෙන් ආරක්ෂා කර ගැනීම. දෙස, බස, රැස වෙනුවෙන් දිවි හිමියෙන් කැප වීමට අපි සූදානම්. ‘මහත්වරුනි, හැකි තරම් අවලාද ගහන්න, මර්දනය ගෙනෙන්න, ඒවාට මුහුණ දීමට අපි සූදානම්’ කියා අපි අවධාරණය කරනවා.

මෙම මා මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන උදය ශාන්ත ගුණසේකර සහ නිරෝෂන් ප්‍රේමරත්න යන මහත්වරු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

No comments:

Post a Comment

Post Bottom Ad