මෙවර සා/පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ගැටළුවලට ලකුණු ලබාදීමේ පටිපාටිය සංශෝධනයක් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී සිසුන් දුෂ්කරතාවයන්ට පත්වූ බවට ඇතැම් දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති මීට පෙර කරුණු අනාවරණ කර තිබුණා.
එම ගැටළු සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයාගෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විමසීමක් කර ඇති අතර එහිදී ගණිතය ප්‍රශ්න පත්‍රය සැකසූ පරීක්ෂකවරුන් සමඟ ඒ පිළිබදව සාකච්ඡා කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ඉන් අනතුරුව ගණිතය ප්‍රශ්න පත්‍රයේ ඇතැම් ගැටළු සම්බන්ධයෙන් ලකුණු ලබාදීමේ පටිපාටියේ සංශෝධනයක් සිදුකිරීමට මෙලෙස තීරණය කර තිබෙනවා.
No comments:
Post a Comment