ඒකාබද්ධයේ බස්නාහිර ප‍්‍රබලයෙක් ජනපතිට සහය පළ කිරීමට එක් වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 18, 2017

ඒකාබද්ධයේ බස්නාහිර ප‍්‍රබලයෙක් ජනපතිට සහය පළ කිරීමට එක් වේ..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහය පළ කිරීමට එක් වෙයි.

ඊයේ (18) පස්වරුවේ ජනාධිපතිතුමා හමුවූ ඒ මහතා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට මෙලෙස සහය පළකරනු ලැබීය. ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ද පිරිනමා තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත‍්‍රික් සංවිධායකවරයා ලෙස සුසිල් කරුණාතිලක මහතා ද අද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ගම්පහ දිස්ත‍්‍රික්කයේ හිටපු ප‍්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් ද ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා අතින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ගනු ලැබූහ.

අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අසිත මාන්නප්පෙරුම, මීරිගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී ගාමිණි තෙන්නකෝන්, අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී සුනිල් ශාන්ත නවරත්න, අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී කීර්ති කොරතොට, නලීන් පීරිස් යන මහත්වරුන් ඇතුළු දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ ප‍්‍රබල කි‍්‍රයාකාරින් රැසක් මේ අතර වේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

No comments:

Post a Comment

Post Bottom Ad