කේපාපිලව් ගම්මානයෙන් යුද හමුදාව ඉවත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 19, 2017

කේපාපිලව් ගම්මානයෙන් යුද හමුදාව ඉවත් වෙයි

කේපාපිලව් ගම්මානයෙන් යුද හමුදාව ඉවත් වෙයි
මුලතිව් දිස්ත්‍රික්කයේ කේපාපිලව් ගම්මානයෙන් මේ වනවිට යුද හමුදාව ඉවත් වී තිබේ. යුද හමුදාව ඉවත් වූ ප්‍රදේශය අක්කර 15 ක් පමණ වන අතර එහි කෝවිලක් හා පෙර පාසලක් යුද සමයේදී පිහිටා තිබූ අතර එම දේපලවලට කිසිදු හානියක් නැතැයි කේපාපිලව් ගම්මානයේ වැසියෝ කියා සිටිති.

මේ වැසියන්ට අයත් ඉඩම් අක්කර 420ක් ආපසු ඔවුන්ට ලබා දෙන ලෙස ඉල්ලා මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන් විසින් මීට මාස 11 කට පෙර සිට ආරම්භ කොට ඇති අඛණ්ඩ විරෝධතාවය ඔවුන් මේ දක්වා අවසන් කොට නොමැත. රජය විසින් වරින් වර අවස්ථා කිහිපයකදී මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන්ට අයත් ඉඩම් අක්කර 112ක් පමණ මේ වන විට නිදහස් කොට තිබේ.

යුද හමුදාව ඉවත් වූ මෙම ඉඩම ඒවායෙහි අයිතිකරුවන්ට බාරදීම දෙසැම්බර් 28 වැනිදා මුලතිව් කේපාපිලව් කෝවිල අසලදී සිදු කිරීමට නියමිතය. මෙම භූමිය තුල පවුල් 14 ක් පදිංචිව සිටි අතර රජයේ යළි පදිංචි කරවීමේ වැඩ පිළිවෙළ යටතේ ඔවුන්ව එම ගම්මානයේ යළි පදිංචි කරවීමටද මුලතිව් දිසාපතිවරයා පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad