මහා මුදල් වංචාවක් !..අධීවේගී ක‍්‍රිකට් තරගාවලියට ගිය ක‍්‍රීඩකයින්ට ලැබිය යුතු මුදල් සොරාගත්තේ කවුද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 22, 2017

මහා මුදල් වංචාවක් !..අධීවේගී ක‍්‍රිකට් තරගාවලියට ගිය ක‍්‍රීඩකයින්ට ලැබිය යුතු මුදල් සොරාගත්තේ කවුද?

පසුගියදා නිමාවට පත්වුණු අධීවේගී ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබී ඇති බව ඉන්දියානු වෙබ් අඩවියක් වාර්තා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේදී දෙසැම්බර් 13වැනිදා සිට 17වැනිදා දක්වා එම තරගාවලිය පැවැත්වු අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගාවලයෙදී කලම්බු ලයන්ස් ලෙස තරගාවලියට ඇතුලත් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් කන්ඩායම මෙහෙයවූ අතර ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරා, රමිත් රඹුක්වැල්ල, ශෙහාන් ජයසූරිය, විශ්ව ප‍්‍රනාන්දු වැනි ක‍්‍රීඩකයින් කණ්ඩායමට ඇතුළත් විය. කෙසේ වෙතත් එම වෙඩ් අඩවිය වාර්තා කරන ආකාරයට ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයින් එම තරගාවලියේදී කලම්බු ලයන්ස් ලෙස ගිවිසුම්ගතව සිටි ඇති අතර තරගාවලිය සංවිධායකයන්ද තරගාවලිය ආරම්භයට පෙර ප‍්‍රචාරක කටයුතු සිදුකළේ ද ‘කලම්බු ලයන්ස්’ යන නමිනි.

කෙසේ වෙතත් අවසන් මොහොතේ එය ‘ටීම් ශී‍්‍ර ලංකා’ ලෙස වෙනස් විය. සෑම කණ්ඩායමකටම Icon Player කෙනෙකු සිටි අතර එම ක‍්‍රිඩකයාට ඇමරිකානු ඩොලර් 35000ක් ද, ජාත්‍යන්තර ක‍්‍රීඩකයකුට ඇමරිකානු ඩොලර් 25000ක්ද, පළමු පෙළ ක‍්‍රිඩකයකු සදහා ඩොලර් 15000ක්ද බැගින් ගෙවිම් සිදු කර ඇති අතර එම වාර්තා වල දැක්වෙන්නේ අනෙක් කණ්ඩායම් වල ක‍්‍රීඩකයන්ට ගෙවීම් නිසි පරිදි සිදු කර ඇති බවයි. 

කෙසේ වෙතත් ශ‍්‍රීලංකා කණ්ඩායම එක් දවසක් සදහා ඇරිකානු ඩොලර් 250ක දීමනාවක් ලබා දී ඇති අතර වෙනස් කිසිදු ගාස්තුවක් ගෙවීම් කර නොමැත. ඔවුන්ට තරග ගාස්තු ලෙස කිසිදු මුදලක් නොලැබුණත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇද සිටි ජර්සිය පිටුපස අසන්න වශයෙන් සංවිධායකවරුන් 10 දෙනෙකුගේ ලාංජන පැවැති බවට එම වාර්තා වැඩිදුරටත් දක්වයි. චන්දික හතුරුසිංහ වැඩභාරගත් ඊයේ දිනයේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබදව ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ගෙන් විමසීම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු පවසා ඇත්තේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

කෙසේ වුවත් තරගාවලිය ආරම්භයේදී පළාත් කණ්ඩායමක් ලෙස පැවැති ශ‍්‍රී ලංකා කණ්ඩායම ටීම් ශ‍්‍රි ලංකා ලෙස වෙනස් වුයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව පිලිගත නොහැකි අතර ප‍්‍රධානතම ගැටලුව වන්නේ එම තරගාවලියේ ක‍්‍රිඩකයින්ට ලැබීමට තිබු මුදල් සොරාගත්තත් කවුද යන්නයි.

No comments:

Post a Comment

Post Bottom Ad