අකිලට බැන්න ‘තිසර’ට ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ විරෝධය දක්වති..ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් විනය පරීක්ෂණයක්?.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 22, 2017

අකිලට බැන්න ‘තිසර’ට ක‍්‍රිකට් ප‍්‍රවීණයෝ විරෝධය දක්වති..ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් විනය පරීක්ෂණයක්?..

පිට පිටම විස්‌සයි විස්‌ස තරග හතක පරාජයෙන් ගැලවීමේ අවානමකට සහ තරගාවලි පරාජයෙන් ගැලවීමේ පීඩනය කරපින්නා ගත් ශ්‍රී ලංකාව අද (22 දා) ඉන්දියාව සමග පැවැත්වෙන දෙවැනි විස්‌සයි විස්‌ස තරගයට සහභාගි වේ. ඉන්දෝරේ හී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.00 ට ආරම්භ වේ.

පළමු විස්‌සයි විස්‌ස තරගයේදී නීරස පිති ප්‍රහාරයක යෙදුන ශ්‍රී ලංකාව අද තරගයේදී හෝ ගෞරවාන්විත තරග අවසානයකට නොපැමිණියහොත් දෙරට අතර තරග තුනකින් සමන්විත විස්‌සයි විස්‌ස තරගාවලියේදී ද ශ්‍රී ලංකාවට සුපුරුදු තරගාවලි පරාජය අත්විඳීමට සිදුවේ.අවසන් වරට බංග්ලාදේශයට, ඉන්දියාවට, පාකිස්‌තානයට තෙවරක්‌ සහ යළිත් ඉන්දියාවට වශයෙන් ශ්‍රී ලංකාව සහභාගි වූ විස්‌සයි විස්‌ස තරග පරාජය වී තිබේ.

මේ අතර 20 වැනිදා පැවැති පළමු පන්දුවාර විස්සයි20 තරගයේ දී නායකයෙකු ලෙස තිසර ක්‍රියා කළ ආකාරය ගැන මෙරට ක්‍රිකට් ලෝලීන් මෙන්ම ක්‍රිකට් ප්‍රවීණයෝ ද සිය නොසතුට පළකර සිටිති. දෙරට අතර පැවැති පළමු පන්දුවාර විස්සයි20 තරගයේඉන්දියානු ඉනිමේ අවසන් පන්දුවාරයේදී නායක තිසර යැවූ පන්දුවකට ලෝන් ඕන් කලාපය වෙත දෝනි විසින් එල්ල කළ පන්දුව රැක ගැනීමට අකිල ධනංජය වේගයෙන් නොපැමිණීම සහ නිසි පරිදි පන්දුව භාර නොදීම හේතුවෙන් කේන්තියට පත් තිසර නුසුදුසු වචනයක් භාවිත කරමින් අකිලට බැන වදින ආකාරයක් දැකගත හැකිවිණි.

කණ්ඩායමේ නායකයා ලෙස මෙන්ම ක්‍රීඩකයෙකු ලෙසත්, තරගය කෙතරම් උද්වේගකර වුවද එවැනි වචන භාවිත කරමින් බැන වැදීම කිසිසේත් අනුමත් කළ නොහැකි බව ක්‍රිකට් ප්‍රවීණයෝ පෙන්වා දෙති. ඕනෑම ක්‍රීඩකයෙකු අතින් ඕනෑම අවස්ථාවකදී අත්වැරදීමක් සිදුවිය හැකි බැවින් එවැනි වචන භාවිත කිරීම නොකළ යුතු බවත් ඔවුහු වැඩි දුරටත් සදහන් කර සිටිති. එමෙන්ම ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී තිසර විසින් අත්හැරිය උඩ පන්දුවට කිසිවෙකුත් ඔහුට බැන නොවැදුනු බවත් ඔවුහු සදහන් කර සිටිති.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තිසරගෙන් නිදහසට කරුණු විමසිය යුතු බවත්, එවැනි අවස්ථාවන් ඉදිරියේදී සිදු නොවීමට වග බලාගැනීම ක්‍රිකට් ආයතනයේ වගකීමක් බවත් ක්‍රිකට් ප්‍රවීණයෝ පෙන්වා දෙති.

No comments:

Post a Comment

Post Bottom Ad