නොමිලේ පොත් පරිත්‍යාගයක් සිදුකරන්නත් සල්ලි අය කරන බදුල්ල මහ නගර සභාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 28, 2017

නොමිලේ පොත් පරිත්‍යාගයක් සිදුකරන්නත් සල්ලි අය කරන බදුල්ල මහ නගර සභාව




බදුල්ල හා ඒ අවට අඩු පහහසුකම් සහිත පාසැල් හා පිරිවෙන් විහාරස්ථානයකට පොත් තිළිණ කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 25 දින සංවිධානය කොට තිබුණි. ප්‍රදේශවාසී ජනතාවද සහභාගී කරගෙන මෙම වැඩසටහන උදෑසන 8.30 සිට සවස 2.00 දක්වා බදුල්ල සෙනරත් පරණවිතාන පුස්තකාලය අසල විල්ස්පාර්ක් පිටිය ඉදිරිපිටදී පැවැත්විණි. 

පොත් තිළිණ කරන ලද පාසැල් – පිරිවෙන ලෙස පස්සර මීදුම්පිටිය පිරිවෙන් විහාරස්ථාන,පිටමාරුව විද්‍යාලය පස්සර, කළුගහකඳුර විද්‍යාලය මීගහකිවුල, පුහුල්පොල විද්‍යාලය පස්සර, හැතැක්ම විද්‍යාලය හාලිඇල,භාරතී දෙමළ විද්‍යාලය බදුල්ල, කොකාගල දෙමළ විද්‍යාලය පස්සර, අරවාකුඹුර විද්‍යාලය ලුණුගල, මවුස්සාගොල්ල විද්‍යාලය පස්සර, කණවැරැල්ල විද්‍යාලය පස්සර යන විද්‍යාලවලටද, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට මෙහිදී ලැබුණු උසස් පෙළ හා අනෙකුත් සංකීර්ණ විෂය කරුණු අඩංගු පොත් තිළිණ කරන ලදී.

එහෙත් මෙම වැඩසටහන සාර්ථකව පැවතුනත් නොමිලේ පරිත්‍යාග කරන ලද මෙම ක්‍රියාව සඳහාත් බිම් කුලියකයකිරීමට බදුල්ල මහ නගර සභාව ක්‍රියාත්මක වී තිබුනේ පිළිකුල් සහගත අයුරින්,

එය පහතින්,

“අළුත පත්වෙන බදුල්ල මහ නගර සභාවේ සභිකයන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න මා කැමතියි. සමාජ සත්කාරයක් කරන්නට වෙර දරන කෙනෙකුව මේ ආකාරයට අපහසුතාවයට පත් නොකරන්න ඔබ පත්වීමෙන් පසු වගබලාගන්න. මෙම පොත් පරිත්‍යාගය සදහා අවසරය ලබාගැනීම උදෙසා අපේ කණ්ඩායම සති දෙකක් මහන්සි විය. ඒ සදහා කැපවුන නිලධාරීන් නිලධාරීනියන් ආදරයෙන් මතක් කරන අතර, පැය ගණන් දින ගණන් රස්තියාදු කළ නිලධාරීන් හා නිලධාරීනියන්ට ඔබේ හැසිරීම හා මානසික චින්තනයන් පිළිබඳව මගේ කණගාටුව මෙසේ පලකරමි. 

මේ පොත් ලබාදුන්නේ බදුල්ලේ අතිශය අඩු පහසුකම් සහිත පාසැල් 10 ක් හා බෞද්ධ පිරිවෙන් විහාරස්ථානයකටය. අප බැනර් ප්‍රදර්ශණය නොකරන ලද්දේ එයත් තවත් එක් හිසරදයක් වන බැවිනි. මා ප්‍රදේශයේ තරුණ කැළ සමඟ බදුල්ල හරිත පුස්තකාලයට වසර පුරාවට වැඩසටහනක් සම්පාදනය කරදෙන්නට වෙර දුන් අතර, එහි නිලධාරීන් කිහිපදෙනෙක් මා අගමැතිතුමා සමඟ කටයුතු කරන බව පවසා දේශපාලනයක් ඇද දමා එම කටයුත්ත වලක්වන ලදී. මට සියළු රජයේ නිලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලන්නට එක ඉල්ලීමක් ඇත. යහපත් කටයුතු කිරීමේදී හදවතින් සහයෝගය දෙන්නට කටයුතු කරන්න. 

ඔබත් යම්විටක උත්සාහයෙන් යුතුව අඩු පහසුකම් සහිතව ඉගෙනගෙන තනතුරු ලබාගත්තා විය හැකිය. ඔබට ඔය සියළු තනතුරු දිනෙක අත්හරින්නට වෙනවාද ඇත. ඒ බව නිතර සිහියට ගන්න. අප සිදුකළ කටයුත්තේ පාට පක්ෂ හෝ ආගම්වාද තිබුණේ නැත. මෙවැනි දේ ලිවීමට පවා සිදුවීම කණගාටුවට කරුණකි. කෙසේ බාධා පැමිණි නමුත් අපේ කණ්ඩායමේ සියළුදෙනා සතුටු වෙමු. හේතුව දැනුම සොයන බදුල්ලේ දරුවන්ට අපිට හැකි දේ පෙර මෙන් කර දුන්නෙමු. මට හදවතින්ම උදව් උපකාර කළ සියළුදෙනාට මාගේ ගෞරවණීය ස්තූතිය පුදකරමි.

No comments:

Post a Comment

Post Bottom Ad