වයස අවු: 15 වැඩි අය වෙනුවෙන් ජාතික පුද්ගල නාම ලේඛනයක් එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 28, 2017

වයස අවු: 15 වැඩි අය වෙනුවෙන් ජාතික පුද්ගල නාම ලේඛනයක් එයි


වයස අවුරුදු 15ට වැඩි සියලූම පුරවැසියන් පිළිබඳ ”ජාතික පුද්ගල නාම ලේඛනයක්” සකස් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව රජය පවසයි.

මෙම ජාතික පුද්ගල නාම ලේඛනයට සියලූම පුරවැසියන්ගේ ජීවදත්ත ඇඟිලි  සලකුණු, බිරිඳ, දෙමාපියන් ඇතුළු පවුලේ ළඟම ඥාතීන්ගේ තොරතුරු ඇතුළත් වන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වියානි ගුණතිලක සඳහන් කරයි. ජාතික පුද්ගල නාමලේඛනය සැකසීමේ දී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග‍්‍රාම නිලධාරීන්ගේ ද සහාය ලබා ගන්නා අතර මේ කාර්ය සඳහා සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලය බැගින් විවෘත කරනු ඇති බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ සඳහා ග‍්‍රාම නිලධාරීන් තම වසම්වල නිවාසවලට ගොස් පුද්ගලයන්ගේ තොරතුරු හා ඇඟිලි සලකුණු ලබාගනු ඇත. ශ‍්‍රී ලංකාවේ ජීවත් වන එක් කෝටි හැට ලක්ෂයකට අධික වයස අවුරුදු 15ට වැඩි පුරවැසියන්ගේ සියලූ තොරතුරු මෙම ජාතික පුද්ගල නාමලේඛනයට ඇතුළත් කෙරෙන අතර 2019 වසර අවසන් වීමට පෙර එය සකස් කොට ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද වියානි ගුණතිලක වැඩිදුරටත් සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad