සොරකම් කරන ලද භාණ්ඩවල වටිනාකම රුපියල් 98,000ක් පමණ වන බව පොලිසියට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වෙන බව දැනගැනීමට ඇත. අත්අඩංගුවට ගැනීමට සොයන සේවකයා හා සේවිකාව තලවකැලේ වත්තේ පදිංචිකරුවන් බවත් වතු අධිකාරිවරයකු විසින් මේ දෙදෙනා හිටපු පොලිස්පතිවරයාගේ නිවෙස් සේවය සඳහා සොයාදී ඇති බවත් කැලණිය පොලිසියේ නිලධාරියා කීය.
මෙම කාන්තාව සහ පිරිමියා නිවාඩුවට ගමට යන බව කියමින් හිටපු පොලිස්පතිවරයාගේ නිවෙසින් පිටත්ව ගොස් ඇති බවත් ඉන්පසුව නිවෙස් තිබූ අයිපෑඩ් එක හා විස්කි බෝතල් දෙකක් අතුරුදන්වී ඇති බව පෙනී ගොස් ඇති බවත් මේවා සේවයේ නිරතව සිටි දෙදෙනා විසින් සොරාගෙන ගොස් ඇති බවත් හිටපු පොලිස්පතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. කැලණිය පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
No comments:
Post a Comment