ස්වර්ණවාහිනිය ඩොලර් මිලියන 60කට සිංගප්පුරු සමාගමකට..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

ස්වර්ණවාහිනිය ඩොලර් මිලියන 60කට සිංගප්පුරු සමාගමකට..!

ස්වර්ණවාහිනී නාලිකාව සිංගප්පුරුවේ ලියාපදිංචි Straits Grid Pte. Ltd. සමාගමට පැවරීමට මේවනවිට තීන්දු කර ඇතැයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. මෙම සිංගප්පුරු සමාගමේ හිමිකරු වන්නේ මැලේෂියාවේ පදිංචි සුදීර් නමැති ව්‍යාපාරිකයෙකි. පසුගිය පාලන සමයේ සිදුවූ ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් මෙම සුදීර් නමැත්තා පිළිබඳව මේවනවිටත් පොලිස් විමර්ශනයන් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසේ.

ETI ෆිනෑන්ස් සමාගම යටතේ ක්‍රියාත්මක වන චිත්‍රපට සමාගම, හෝටල් ව්‍යාපාරය, ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය, ස්වර්ණමහල් ( swarnamahal jewellers ) හා ස්වර්ණමහල් ෆිනෑන්ස් සමගම (swarnamahal financial services) මිලදී ගැනීම සඳහා සිංගප්පුරු සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 60ක මුදලක් ලබාදීමට එකඟත්වය පළකර ඇති අතර මහ බැංකුව ඊට එකඟත්වය පළකර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. 

දේශපාලන හස්තයක් ?

ස්වර්ණවාහිනිය මෙසේ සිංගප්පුරු සමාගමකට පැවරීම පිටුපස ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවන බවට බරපතල සැකයක් මතුව තිබේ.එම සැකයක හේතුවී ඇත්තේ, ඇමරිකානු ඩොලර් මිලියන 60ක වැඩි මුදලකට මෙම සමාගම මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයක් ම ඉදිරිපත්ව තිබුනද එම ඉල්ලීම් ඉහලින් ආ නියෝගයක් මත නොසලකා හැරීම නිසාය.

- Sri Lankan Mirror




No comments:

Post a Comment

Post Bottom Ad