අපිට වාසි වෙන්න පිටිය සකසන්න පොරොන්දු උනා..දික්වැල්ල පුතාගේ බීමත්කම හැමදේමට ගැටලුවක් – සමාජ ජාලා කැළඹු අනාවැකිය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

අපිට වාසි වෙන්න පිටිය සකසන්න පොරොන්දු උනා..දික්වැල්ල පුතාගේ බීමත්කම හැමදේමට ගැටලුවක් – සමාජ ජාලා කැළඹු අනාවැකිය මෙන්න

පසුගිය පාකිස්තානු ටෙස්ට් සංචාරයේදී පළමු තරගය ජයගැනීමෙන් පසුව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ආශිර්වාද ලබාගත් මැණියන් කෙනෙක් සම්බන්ධ කරමින් නොයෙකුත් කටකතා පැතිරුණු අතර ඒ සම්බන්ධයෙන් චන්දිමාල් එම ටෙසට් තරගාවලියෙන් පසු පැවැති මාධ්‍ය හමුවේද ඒ අදහස් දක්වා සිටියා.

කෙසේ වෙතත් එම මැණියන් යැයි කියන කාන්තාව යළිත් වරක් ෆේස්බුක් සටහනක් තබමින් පැවසූ දෙයක් පිළිබදව මේ වන විට සමාජ ජාලා මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්වෙයි.

එම සටහන පහතින්…
ඕම් ගනේෂාය නමහ 🌸🌸🌸
මීළග තරගයත් අපිට වාසි වෙන්න පිටිය සකසන න්වජාඩ් සිදූට ශක්තියක් වෙන්න ගණපති තුමා පොරොන්දුවක් උනා. චන්දිමාල් පුතා අද නිර්වස්ත්‍රව ස්නානය කලයුතුයි..තිසර පුතා ඔලුවෙන් හිටන් ස්නානය කල යුතුයි.. දෙහි ගෙඩි 12ක් පානය කල යුතුයි.දික්වැල්ල පුතා ගේ බීමත් කම නම් මේ හැම දේටම ගැටලුවක්..නමුත් උත්සාහ කරමු..තරංග පුතා දකුණු පසින් ඇදෙන් බැසිය යුතුයි. මේ සියල්ල සිදු වූ වහාම මැනේජර් තුමා මට දැනුම් දෙයි..අපි ගණපති කාලි පුජාව කරමු..

No comments:

Post a Comment

Post Bottom Ad