බැදුම්කර වාර්තාව 30 දා.. චූදිතයන් ගස් යවයි.. හවුල් ආණ්ඩුව 31 අවසන්.. මහා දේශපාලන පෙරලියක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 17, 2017

බැදුම්කර වාර්තාව 30 දා.. චූදිතයන් ගස් යවයි.. හවුල් ආණ්ඩුව 31 අවසන්.. මහා දේශපාලන පෙරලියක්..

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2015 බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්දයෙන් පරීක්‍ෂණය කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මෙම මස 30 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බාර දීමට නියමිතව ඇත.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරව්වේ මෙම වාර්තාව බාර දීමෙන් පසු
මහා දේශපාලන පෙරළියක් සිදුවනු ඇති බවයි. වාර්තාවෙන් වරදකරුවන් යයි නිර්දේශ කෙරෙන අයට එරෙහිව දැඩි තීරණ ගනු ඇති බවද සදහන්ය.

එමෙන්ම මෙම දෙසැම්බර 31 වැනිදා වන විට එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුමද කාලය අවසන් වීමට නියමිතය. පෙබරවාරි මාසයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලයට ඉහත සාධක දෙකම ප‍්‍රබල ලෙස බලපානු ඇති බවද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad