තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීමේ පටිපාටිය විධිමත් කරන බවට බලධාරීන් කිහිප අවස්ථාවකදීම ලබාදුන් පොරොන්දු දිගින් දිගටම කඩකිරීම නිසා අද (27දා) දිවයින පුරා ප්‍රධාන නගරවල විරෝධතා පවත්වන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු කේ.ආර්. වර්ණකුලසූරිය මහතා පැවැසීය.
මීට ඉහතදී සිදු කරන ලද සාකච්ඡාවලදී සති දෙකක කාලයක් තුළ විසඳුම් ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුවද මේ වනවිට කඩකර ඇති නිසා මෙම තීරණය ගත් බව වර්ණකුලසූරිය මහතා පැවැසීය. මේ තත්ත්වයන් විසඳීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකා බෙදා හැරීමටද බාධා එල්ලවිය හැකි යැයිද වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.
ගාල්ල - එච්. පරණවිතාන
Wednesday, December 27, 2017
රට පුරා අද 27 තැපැල් විරෝධතා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment