‘තේරීම් කමිටුවේ සභාපති කොහොමද තරග තීරකවරයෙක් වෙන්නේ.’.වංචා දුෂණ රැසක් හෙළි කරමින් අගාධයට යන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙනුවෙන් ඇමති අර්ජුන පාර්ලිමේන්තුවේදී හඩ නගයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

‘තේරීම් කමිටුවේ සභාපති කොහොමද තරග තීරකවරයෙක් වෙන්නේ.’.වංචා දුෂණ රැසක් හෙළි කරමින් අගාධයට යන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වෙනුවෙන් ඇමති අර්ජුන පාර්ලිමේන්තුවේදී හඩ නගයි (VIDEO)

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත් පාසල් ළමුන්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගන අවශ්‍ය බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ඇති අර්බුද රාශියක් පිළිබදව පැහැදිලි කරමින්  අමාත්‍යවරයා මේ බව අද (23) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවදයට එක්වෙමිනි.


රුපියල් මිලියන 100ක් අයවැයෙන් පාසල් ක්‍රිකට් වෙනුවෙන් වෙන් කර තිබුණා. එය ඉතා හොඳයි. ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම 6 වැනි තැනට පසු බැස ඇතැයි කී අමාත්‍යවරයා එසේ සිදු වීමට හේතුව සොයාබැලිය යුතු බව පැවසී ය. අද වෙනකොට තේරීම් කමිටුවේ සභාපතිවරයාත් තරග තීරකවරයෙක් වෙලා තියනවා..ඒකට කියනවා බැදීයාවක් අතර ගැටීමක් කියල..තේරීම් කමිටුවේ ඉන්න කෙනෙකුට තරග තීරකවරයෙක් වෙන්න බෑ ..අද වෙනකොට 19න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්තානු කණ්ඩායමටත් පරදා වෙනවා.මේව ගැන හොයල බලන්න ඔ්න..හම්බන්තොට ක්‍රීඩංගනයක් හැදුවා ඒ ක්‍රීඩාංගනය භාවිත කරන්න විදියක් නෑ. අපිට අවශ්‍ය වෙන්නේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන නොවේ. අවශ්‍ය වන්නේ පාසල් ළමයින්ට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩංගනයි. අධ්‍යාපන අමාත්‍යවරයා ක්‍රීඩාව නැංවීමට ගෙන යන වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබදෙනවා යැයි ද අමත්‍යවරයා පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad