‘සදීර වගේ අය හෙමින් හෙමින් ස්ථාවරය හදාගෙන යයි’ – අර්ජුනගේ චෝදනාවලට දයාසිරි පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 23, 2017

‘සදීර වගේ අය හෙමින් හෙමින් ස්ථාවරය හදාගෙන යයි’ – අර්ජුනගේ චෝදනාවලට දයාසිරි පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙයි (VIDEO)

ඛණිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා හට දැඩි චේදනා රාශියක් එල්ල කළ අතර එම චෝදනා සියල්ලටම පිළිතුරු ලබාදුන් දයාසිරි ඇමතිවරයා පැවසුවේ එම එල්ල කරන සියලු චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙම චෝදනා වලට පිළිතුරු දීම සිදුකලේ අද (23) පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ පිළිතුරු කතාව කරමින්.


‘ක්‍රිකට් පරිපාලනය ගන්නකොට හයවැනි තැන තිබුණේ 2015 දී.  තැන තවම ඉන්නවා.ටෙස්ට් වල අපි හොඳ තැනක ඉන්නවා. අද අලුත් කණ්ඩායමක් ඇවිත් තියෙනවා. අලුත් ක්‍රීඩකයෝ තමන්ගේ ස්ථාවරය හදාගනියි.ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලක් හදලා තිබෙනවා. ශරීර යෝග්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රියාදාමය තුළ එක ස්ථාවරයකට එනවා. ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරාගන්න ක්‍රමවේදයක් හදන්න කිව්වා. ඒ අනුව කටයුතු කරන්නේ. හතුරුසිංහ මහතා පුහුණු කරුවෙකු ලෙස ගන්න යනවා. හතුරුසිංහ එළවපු වෙලාවේ කවුරුත් කථා කළේ නෑ. අපිට පොඩි කාලයක් යයි.දැන් අපි නිලවරණයක් තියලා, කටයුතු කරනවා. හතර පස්දෙනෙක් දාලා ක්‍රිකට් දුවන්න බෑ.’

No comments:

Post a Comment

Post Bottom Ad